බුදු දහමේ සත්ත්‍යතාව ඔප්පු වන අවස්තා කිහිපයක්...

බුදු දහම ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න.


කොසොල් රජු දුටු සිහින 16


දිනක් කොසොල් රජතුමා නින්දේදී සිහින 16 ක් දක්නා ලදී.
මේවා අමුතු ආකරයේ සිහින වූ නිසා මෙ පිළිබඳව තම රාජ සභාවේ සිටි පණඩිතයන් ගෙන් විමසන ලදී. නමුත් රාජ සභාවේ සිටි පණ්ඩිතයන් හට ද මෙම සිහින වල නියම තේරුම සිතා ගත නොහැකී විය. එම නිසා රජතුමා තමා හට පෙණුන සිහින පිලිබඳව විමසීමට බුදුරජාණන් වහන්සේ වෙත ගියේය. බුදුරජාණන් වහන්සේ මෙම් සිහින වල නියම තේරුම රජතුමාට පැහැදිලි කරන ලදී.

 ඒවා මෙසේයි,


පළමුවන සිහිනය ;

කොසොල් රජතුමා :
" භාග්යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය
මෙයයි .
කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර
දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන
විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස
මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව
පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම
ආසන්නයටම පැමිණ නැවතත් ආපසු හැරී දිව
ගියා. උද්යෝගයෙන් සිටි නරඹන්නන් ගොන්
පොරය බලන්නට බැරි වී දුක් වුණා. මට මෙහි
තෙරුම හිතා ගන්ට බෑ."
බුදුජාණන්වහන්සේ :
" රජතුමනී. මෙය ඔබට හෝ රටට අද හෙට සිදුවන
දෙයක් නෙමේ. මෙය
සිදුවන්නේ අනාගතයේ දී .අනාගතයේ දී
රටේ අධාර්මික පාලකයන්
නිසා රටේ දේශගුණයත් ,කාලගුණයත්
සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. කලට වෙලාවට
වැසි වසින්නෙ නෑ. ගොවියෝ අහස දිහා බලාගෙන
ඉන්නවා වැසි බලාපොරොත්තුවෙන් .ඔන්න ඔය
අතරේ ඝණ වැසි වලාකුළු ඇවිත් අහස
වසා ගන්නවා. ගොවියො ගොවිතැනට සැරසෙන්න
ගන්නවා .එහෙත් අර වහින්න කියල
පැමිණුන වලාකුළු වෙන දිහාවකට
පාවෙලා යනවා. වැස්ස බලාපොරොත්තුවෙන් සිටි
ජනතාවත් ගොවියනුත් දුකට පත් වෙනවා.
එක තමයි ඔය හීනෙන් අදහස් කරන්නේ ."


දෙවන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමීනි දෙවන සිහිනය මෙහෙමයි. රජ
මාලිගාවේ මිදුලේ පුංචි පුංචි පැළ වල ලොකු
ලොකු ගෙඩි හටගෙන තිබුණා .මට
හිතාගන්නත් බැ මේ අරුම පුදුම සංසිද්ධිය "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී මිනිසුනේ කාමාශාව
වැඩි වෙනවා. එම නිසා ඔවුන් අඩු වයසින් විවාහ
වෙනව ඔවුන් ගේ ආයුෂත් අඩු වෙනවා .ඔවුන්
කුඩා අවදියේම ළමයින් බිහි කරනවා. එයයි මෙම
සිහිනයේ ප්රතිඵලය. මෙය අනාගතයේදී සිදුවන
දෙයක් ."


තෙවන සිහිනය ;

කොසොල් රජතුමා :
" ස්වාමිනී මාගේ තෙවන සිහිනය විදියට
මා දුටුවේ තමන් ගෙන්ම ඉපදුන වහු
පැටියගෙන් එළදෙන කිරි බොනවා මෙය වෙන්න
පුළුවන්ද ස්වාමිනී "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙම සිහිනයෙන්
කියැවෙන්නේ දරුවන් තම දෙමාපියන්
නොසලකා හරින බවයි. ඔවුන් වැඩිහිටියන් හට ගරු
කරන්නෙ නෑ .වැඩිහිටියන් හට සිදු
වෙනවා ඔවුන්ගේ දරුවන් ලඟ දාසයන්
සේ ක්රියාකරන්න හා යැපෙන්නට .ඔවුන්ට
සළකන්නේ නැත්තම් ඔවුන් වැඩිහිටියන් ට
සළකන්නේත් නැහැ. මෙය අනාගතයේදි
සිදුවන දෙයක්. "


සතරවන සිහිනය ;


කොසොල් රජතුමා :
" භාග්යවතුන් වහන්ස මා දුටුවා ගැල් පේළියක
ඉදිරිපස ගැල් වල ළපටි ගොනුන් බැඳ පසුපස
ගැල් වල ජවසම්පන්න ගොනුන් බැඳ
තිබුනා. ඉතින් ඉදිරිපස ගැල් වල බැඳ
සිටියේ ළපටි ගොනූන් නිසා එම ගැල් පේළිය
ඇදගන්න බැරිව නතර වෙලා තිබුනා. මෙහි
තෙරුම කුමක්ද ස්වමීනී? "
බුදුරජාණන්වහන්සේ :
රජතුමනී මෙම සිහින්නයෙන්
කියැවෙන්නේ අනාගත පාලකයන් බුද්ධිමත්
අත්දැකීම් බහුල ඇමති වරුන් හට බල තල
නොදී ඔවුන්ට විරුද්ධව බාල අත්දැකීම අඩු
පුද්ගලයන් හට බල තල ලබා දී පාලනය
අවුල් කර ගන්නවා. මෙයින් ඔබට හානියක්
වෙන්නේ නෑ මෙය අනාගතයේ දී
සිදුවන්නක් ."


පස්වන සිහිනය ;


කොසොල් රජතුමා :
භාග්යවතුන් වහන්ස මගේ පස්වන සිහිනය නම්
මන් දැක්කා හිස් දෙකක් තිබෙන අශ්වයෙක්
ඉදිරිපස හිසෙනුත් පසුපස හිසෙනුත් තණකොල
කනවා .ස්වාමිනී මෙය වෙන්න පුළුවන්ද ?
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අන්නගතයේදී රටේ අධාර්මික
පාලකයන් නිසා නීතිය අවනිතිය වෙනවා
,යුක්තිය අයුක්තිය වෙනවා, නිතීඥයොත්
,විනිශ්චයකාරයොත් දෙපැත්තෙන්ම ( විත්තිය
හා පැමිණිල්ල ) අල්ලස් ගනිමින් කටයුතු
කරනවා.මෙම දෙපැත්තෙන්ම තණකොල
උලා කන අශ්වයාගෙන් පෙන්නුම්
කරන්නේ එයයි. මෙයින් ඔබට හානියක් නැහැ.
මෙය අනාගතයේදී සිදුවන්නක් ."


සයවන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමිනී මගේ සයවන සිහිනයෙන්
මා දුටුවේ ජරාපත් හිවලකුට රන්තලියක
මුත්රා කිරිමට සලස්වා ජනතාව ඒ දෙස
බලා සිටින අයුරුයි. ස්වාමිනී මෙහි තේරුම කුමක් ද
? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින්
කියැවෙන්නේ අනාගතයේදී සම්භාවනීය යැයි ලෙස
සැලකෙන පුද්ගලයින් තමන්
ගේ නොමනා ක්රියාකර කම්
නිසා සම්පත්වලින්
පිරිහෙනවා තමන්ගේ පරම්පරා වලින් උරුම වූ
සම්පත් පිරිහීම නිසා මොවුහූ තමන්ගේ දූ දරුවන්
අයථා ක්රම වලින් ධනවතුන් හට
සරණපාවා දෙනවා. මෙයයි
ඔබේ සිහිනයේ අර්ථදැක්වීම ."


හත්වන සිහිනය 


;
කොසොල් රජතුමා :
" භාග්යවතුන් වහන්ස ම දුටුවා මිනිසෙකු
අසුනකට වී සම් පටකින් ලණුවක් අඹරද්දී
එම අඹරන ලණුව අසුන යට සිටින හිවල්
ධේනුවක් විසින් කා දමන ආකාරය . මෙහි තෙරුම
කුමක් ද ස්වාමීනී?
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී
මිනිසුන් අතර කාම මිත්යාචාරය බහුල වීම
නිසා ස්වාමි පුරුෂයන් විසින් උපයන ධනය
ස්ත්රීන් විසින් අනාචාරයේ හැසිරීමට වැය කිරීම
නිසා ඇතිවන පිරිහීමේ ස්වභාවයයි. මෙයින් ඔබට
කිසිදු හානියක් සිදුවන්නේ නැහැ. මෙය
අනාගතයේදී සිදුවන්නක්. "


අටවන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමිනී දුටුවා සතර දිගින් පැමිණෙන
ස්ත්රීන් හා පුරුෂයන් විසින් පිරී ඉතිරෙමින් පිටාර
ගලන කළයකට පමණක් ජලය ගෙනැවිත්
එය පිරවීමට උත්සාහ ගන්නවා .හිස් කළ ගෙඩි
ගැන කවුරුත් බලන්නේ නැහැ.ඒවා එහෙම්මම
තිබෙන්නට හරිනවා. මෙම සිහිනයේ තේරුම
කුමක්ද ස්වමීනී "
බුදුරජාණ්න්වහන්සේ :
" රජතුමනී මෙයින්
කියැවෙන්නේ අනාගතයේ දී පාලකයන් රට
සමෘද්ධිමත් නොකිරීම නිසා රටේ ජනතාව අතිශ්ය
දිළින්දන් බවට පත් වෙනවා. රටේ ආර්ථිකය
පිරිහෙනවා. එවිට රජය ජනතාව අතර බදු බර තව
තවත් පටවනවා. රටේ ධනවතුන් තව තවත් තර
වෙනවා . ඇත්තෝම තවත් තර වෙනවා.
නැත්තෝ නැත්තටම නැති වෙනවා. මෙය
අනාගතයේදී සිදුවන්නක් නිසා ඔබ තුමාට
කිසිදු හානියක් නැහැ " .


නව වන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමීනී මා දිය පිරුණු පොකුණක්
දුටිමි .මෙ පොකුණේ මැද බොර වී තිබුණා .සතුන්
සීපාවුන් ඇවිත් පොකුණ වටේ වතුර
බොනවා .නමුත් ම්ම පොකුණ වටේ නම් වතුර
හොඳටම පැහැදිලී. පොකුණ මැද්දෙ විතරක් බොර
වෙලා වටේ විතරක් වතුර තිබෙන්න විදියක්
නැහැනෙ ස්වමිනී. එකයි මට මෙහි ඇති
පුදුමය .මෙහි තේරුම කුමක්ද ස්වමිනී ?"
බුදුර්ජාණන්වහන්සේ :
" රජතුමනී රටේ පාලකයො අධාර්මික වීම
නිසා රට හැම අතින්ම දූෂනය
වෙනවා .රටේ සිටින උගතුන් බුද්ධිමතුන් රට
ගැන කළකිරෙනවා.තමන්ගේ උගත්කමට
සරිලන ස්ථානය නොලැබීම නිසාත් ,රටේ යහපත්
ජීවිතයක් ගත කිරීමට නොහැකි නිසාත් ඔවුන්
ඒවා සොයා වෙනත් දේශයන් කරා පියමන්
කරනවා. එවිට ඔවුන්ගේ සේවය රටට
ලැබෙන්නේ නැහැ. එම නිසා රට තව තවත්
පිරිහෙනවා.මෙයින් ඔබතුමාට හානියක්
නැහැ.මෙය සිදුවන්නේ අනාගතයේ ."


දසවන සිහිනය ;



කොසොල් රජතුමා :
" ස්වාමින් වහන්ස මා දුටුවා ලිපෙහි ඇති බත්
හැලියක් .නමුත් මෙම හැලියේ එක් පැත්තක
නොපිසුණු සහල් ද තවත් පැත්තක බාගෙට
පිසුණ සහල් ද ,තවත් පසෙක
ඇට්ටිකුණා සහල් ද තිබෙන අයූරු මා දුටුවා.
ස්වමීනී එකම බත් හැලියේ විවිධ වූ ආකාරයේ සහල්
වර්ග ත්බෙන්නේ කොහොමද? මේක මට
පුදුමයක් .මෙහි තේරුම කුමක් ද? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී පුදුම වෙන්න දෙයක්
නැහැ .මෙයත්
අනාගතයේ පාලකයින්ගේ අත්වැරැද්දෙන්
සිදුවන්නක්. මා දේශනා කර
තිබෙනවා රටේ පාලකයා අධාර්මික වෙන කොට
රටට නිසි කලට නිසි ලෙස වැසි වසින්නේ නැහැයි
කියා .එම නිසා ඉහත සිහිනයෙන් කිය
වෙන්නෙත් අන්න එවැනි දෙයක්.
රටේ පාලකයින් ගේ නොමනා ක්රියාකලාපය
නිසා නිසි ලෙස වැසි වසින්නේ නැහැ.වැස්සත්
වසින්නේ කඩින් කඩ. තව තැනකට හොඳට
පායනවා. මෙහෙම වුනාහාම එක තැනක ඇති
වී බොල් වෙනවා. සමහර තැන් නියඟයට අහු
වෙනවා.මෙන්න මෙකයි අනාගතයේ සිදුවන
දෙය .මෙයින් ඔබට හානියක් නැහැ. "


එකොළොස්වන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ මේ හීනය අමුතුම
ආකාරයේ එකක් .මන් දැක්කා සුවඳ හමන
සඳුන් කොටයක් කුණු ගඳ ගහන මොරු
කළයකට හුවමාරු කරනවා .ස්වමීනී ඇයි
මේ වගේ හීනයක් පෙනුනේ මට ".
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී
මගේ සාශනයේ බොහෝ භික්ෂූන් ලාභසත්කාර
බලාපොරොත්තුවෙන් සිවුරු දරනවා.පස්කම් සැපය
උදෙසා සිවුරු දරනවා.
මෙසේ ශාස්තෲන්වහන්සේලාගේ ධර්මය මුදලට
හා අනෙකුත් දේවල් වලට පාව දීම තමයි මෙම
හීනයේ තේරුම . "


දොළොස්වන සිහිනය ;


කොසොල් රජතුමා :
"ස්වාමීනී මා දුටුවා සැහැල්ලු ලබු කබල් වගයක්
දියේ හි පාවෙන්නේ නැතිව බර වස්තූන් මෙන්
දියේහි ගිලෙනවා .මන් ඒ දුටු දේ අරුත
කුමක්ද ස්වමිනී ? "
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී අනාගතයේදී රාජසභාවේ ( අද
වගේ නම් පාර්ලිමේන්තුවේ ) සුදුස්සන්ට
ඇමතිකම් නොදී නුසුදුසු පහත් අය ඇමතිකම්
හා නිල තල ලබා දීම නිසා රාජසභාව හිස්
කතා වලින් පිරෙනවා .පන්සල්
හා අනෙකුත් ආගමික ස්ථන වල හිස්
කථා පැතිර යනවා. රටේ ජනතාව හිස්
කතා වලට ප්රිය කරන තත්වයට පත්
වෙනවා .හිස් ලබු කබල් දියෙහි කිඳා බැසීමෙන් අර්ථ
දැක්වෙන්නේ මෙයයි. මෙයින් ඔබට හානියක්
නැහැ."


දහතුන්වන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමින් වහන්ස මා දුටුවා විශාල ගල් ජලයෙහි
පා වෙනවා. මෙය විය හැකි දෙයක් නම්
නෙමේ නේ .මෙහි තෙරුම කුමක්ද ස්වාමිනී "
බුදුරජාණන්වහන්සේ :
" මහරජතුමනී මෙයින් ඔබ බිය විය යුතු
නැහැ .මෙයින්
කියවෙන්නේ අනාගතයේ පාලකයොත් මහජන
ප්රජාවත් රටේ ඉන්න උගතුන්ගේ
,වියතුන්ගේ ,බුද්ධිමතුන්ගේ අදහස්
හා අනුසාශනා අහන්නේ නැහැ.
රාජසභාවේත් .ප්රජාවත් අතර ඉහත වටිනා අදහස්
කිඳා නොබැස ඔහේ පා වෙලා යනවා. "


දාහතරවන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමින් වහන්ස මා දුටුවා පුංචි මැඩියන්
සර්පයින්ව අනුභව කිරීමට පස්සේන්
පන්නනවා .මෙය විය හැකිද? මෙහි තේරුම
කුමක් ද ස්වාමිනී ? "
බුදුරජාණන්වහන්සේ :
" අනාගතයේ දී මිනිසුන් මීටත් වඩා රාගාධික
වෙනව. එවිට වයසක පුරුෂයින් වයසින් අඩු ස්ත්රීන්
සමඟ සේවනය සඳහා පෙලඹෙනවා .ඒ සඳහා ඔවුහූ
තමන්ගේ ධනය වැය කරනවා. ධනයට ආසාවෙන්
සිටින පෙර කී ස්ත්රීනුත් ඒ සඳහා යොමුවී වයසක
ධනවත් පුරුෂයින්ව වසඟයට ගෙන පසුව දේපළ
තමන් සතු කර ගෙන අර වයසක පිරිමින් හට
නිග්රහ කරනවා. මෙම සිහිනයෙන්
කියැවෙන්නෙ මෙයයි. "


පහළොස්වන සිහිනය ;


කොසොල් රජතුමා :
" ස්වාමීනී මගේ පහළොස්වන සිහිනයෙන් මා දුට
දේ නම්
නිතරම යමක් ඩැහැගැනීමට සැරසී සිටින
කපුටකු හංසයන් පිරිවරාගෙන සිටිනා ආකාරයි .
"
බුදුරජාණන්වහන්සේ :
" රජතුමනී මෙයින් කියවෙන්නේ අනාගතයේදී
පාලකයන් විසින් දාමරීකයින් හට,මිනිමරුවන්
හට, හීන ජාත ඇති අයට ,ඉතා ඉහල
සම්භාව්යනීයත්වයක් ලබා දෙනවා . එම
නිසා ඔවුන් සමාජයේ ඉහළින් වැජ්ඹෙනවා.එම
නිසා බුද්ධිමතුන් හට සිදුවනවා මොවුන්ට යටත්
වීමටත් ,ඔවුන්ට ආරක්ෂාව
සැපයීමටත් ."මෙයින් ඔබට කිසිදු හානියක්
නැහැ මෙය සිදුවන්නේ අනාගතයේ . " .


දහසයවන සිහිනය ;


කොසොල් රජතුමා :
භග්යවතුන් වහන්ස මේතරම් කලක් අප
දුටුවේ කොටියන් විසින් එළුවන් කන ආකාරයයි.
නමුත් මගේ මෙම සිහිනයෙන් මා දුටුවේ එළුවන්
විසින් කොටියන් අල්ලාගෙන කන ආකාරයයි.
මෙහි තේරුම කුමක්ද ස්වාමිනී ?"
බුදුරජාණන්වහන්න්සේ :
" රජතුමනි දාමරීකයන් හට මිනිමරුවන් හට
රජයෙන් වරප්රසාද ලැබෙන නිසා පාරම්පරික
අයිති ඉඩම් ඔවුන් විසින් කොල්ල කනවා .ඒ
සඳහා අධිකරණ පිහිට පැතීමට ගිය කල්හී
ඔවුන් හට තාඩන පීඩන විඳීමට
සිදුවෙනවා .ජීවිත අන්තරාය නිසා ඔවුන් අර
මැරයින් හට ඉඩකඩ්ම් පවරා දී පැත්තකට
වෙලා බලා සිටිනවා .රටේ පුජ්ය පක්ෂය ඉහත
කී සිදුවීම් දෙස නිහඬව බලා සිටිනවා. එයයි මෙම
සිහින යේ තෙරුම. මෙයින් ඔබ බිය වියයුතු නෑ මෙය
සිදුවන්නේ අනාගතයේ ".


ඉහත සිහින 16 පිලිබඳව බුදුරජාණන්වහන්සේ ලබාදුන් පැහැදිලි කිරීම් ගත්කල පෙනී යන කරුණක් වන්නේ උන් වහන්සේ විසින් එම සිහින 16 ට අදාල ව දේශනා කළ අනාගතය අද උදා වෙමින් පවතින බවයි.
එම නිසා අප කළයුතේ එවැනි පිරිහීමකට රටත් සමාජයත් පත්වීමට ඉඩ නොදී යහපත්ව
පවත්වාගෙන යාමට කටයුතු කිරීමයි.

ඒ සඳහා අවශ්ය වන හොඳම ප්රතිකාරකය වන්නේ බුදුරජාණන්වහන්සේගේ ශ්රී සද්ධර්මයයි
දැන් දැන් මේ සිහින ඇත්ත වේගෙන යනවා නේද ...?

අන්න එකයි අපි බුදුන් වහන්සේට කියන්නේ තුන් කල් දක්නා නුවනින් යුතු කියලා උන් වහන්සේ එදා දැක්ක දේ අද අපේ ඇස පනාපිට සත්ය වේගෙන යනවා .

මරණාසන්න අත්දැකීම් 


මරණාසන්න අත්දැකීම් යනු බොරු මනස්ගාතයන් නොව සැබෑවටම අත්විඳීය හැකි අත්දැකීම් යැයි බි්රතාන්යයේ සදැම්ටන් විශ්වවිද්යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති. වසර 4 ක් පුරාවට බි්රතාන්යයේ,ඇමරිකාවේ හා ඕස්ටේ්රලියාවේ රෝහල් වල රෝගීන් 2000 ක් ආශ්රයෙන් සිදුකළ පර්යේෂණයක් මේ පිළිබඳ අධ්යනය කිරීම සදහා ඔවුන් යොදාගෙන ඇත.

මෙම රෝගීන් සියලූදෙනාම හෘදය කි්රයාවිරහිත වී එක් මොහොතකදී මරණය අත්දැක, පසුව වෛද්යවරුන්ගේ උත්සාහයෙන් හෘදය යළි කි්රයාකාරී කරවා නැවත ජීවතුන් අතරට ගෙනආවුන් වීම
විශේෂයකි.

පර්යේෂකයින් පවසන ආකාරයට එම රෝගීන් සියලූදෙනාම පාහේ මරණයට පත්ව සිටි ඒ මොහොතේදී කුමන හෝ දර්ශනයක් දැක හෝ හැඟීමක් දැනී හෝ ඇත.
ඇඳ ඉහළින් සිටගෙන තමන්ගේම සිරුර දෙස බලා සිටිනු,දීප්තිමත් ආලෝකයක් වෙත ඇදී යනු,සියලූදෙයින් නිදහස් වෙනු දැනෙනු වැනි අත්දැකීම් මෙන්ම ජලාශයක් යටට ඇදගෙන යනු, වැනි අමිහිරි අත්දැකීම්ද ඔවුන් මරණ මොහොතේදී අත්දැක ඇත.

මියගිය පසුත් මෙසේ වන්නේ ඇයිදැයි තවදුරටත් සොයා බලා ඇති පර්යේෂක පිරිස අනාවරණය කරගෙන තිබෙන්නේ මිනිස් ‘‘විඥානය‘‘ පුද්ගලයෙකු මරණයට පත්ව, කාලයක් ගතවූ පසු
වුවද කි්රයාත්මකව පවතින බවයි.

මියගිය පසු මිනිස් විඥානය තත්පර 3 - 4 කට වඩා කි්රයාකාරීව පවතින්නේ නැතැයි මත පළවී තිබෙන නමුත්, මේ පර්යේෂණයේ ප්රතිඵල අනුව විඥානය ඊට වඩා වැඩි
කාලයක් එනම් විනාඩි 3 - 4 ක පමණ කාලයක් කි්රයාත්මකව පවතින බව පෙනී යන්නේයැයි පර්යේෂකයින් කියයි.

විඥානය කි්රයාත්මකව පවතින බැවින් මරණාසන්න අත්දැකීම් භ්රාන්ති හෝ මොළයේ විකාර ලෙස සළකා බැහැර කළ නොහැකි යැයි පර්යේෂක පිරිස අවධාරණය කරති.

මිනිස් විඥානය යනු කුමක්දැයි යන්න තවමත් අභිරහසක්ව පවතින කළ එය මරණින් පසුවත් කි්රයාකාරීව
පවතින්නේ කෙසේදැයි යන්න මහත් ගැටලූවකි. මේ සම්බන්ධයෙන් තවත් පර්යේෂණයන් පැවැත්විය යුතුව ඇතැයි පර්යේෂක පිරිසේ අදහසයි.


මරණාසන්න අත්දැකීම් ගැන තවත් ලිපියක් කියවන්න.

මරණයෙන් සියල්ල අවසන් නොවේ !!! 




ලොව ප්‍රීතිමත්ම මිනිසා බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක්




සතුට වෙනුවෙන් වැඩි ඉඩක් සහිත මිනිස් මොළය සොයාගැනීම සදහා මේ දක්වා සිදුකර ඇති පරීක්ෂණයන්ගෙන් සතුට සදහා අසාමාන්‍ය ඉඩක් සහිත මනුෂ්‍ය මොළය ප්‍රංශ ජාතික මැතිව් රිචඩ් භික්ෂූන් වහන්සේ සතු බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

මේ වන විටි 66 වැනි වියෙහි පසුවන මැතිව් හිමියන් මීට වසර 40කට පෙර තමා සතු සියල්ල අතහැර හිමාලයේ ටිබේට් බෞද්ධ ආරාමයක් වෙත පැමිණියේ බෞද්ධ දර්ශනයේ පහස සොයාගෙනය. උන්වහන්සේ වර්තමානයේ දලයි ලාමා තුමාගේ සමීපතමයෙකු වන අතර, ලොව පුරා ගමන් කරමින් දේශනා පවත්වන බටහිර ලෝකයේ මහා ප්‍රාඥයෙකු ලෙසද සැලකෙති.


'අපි ‍ඕනෑම කෙනෙකුට සතුටින් ඉන්න පුලුවන් කරන්න තියන්නේ භාවනා කිරීම පමණයි' උන්වහන්සේ පවසති.


ප්‍රංශයේ විස්කොන්සින් විශ්ව විද්‍යාලයේ ස්නායු විද්‍යාඥයෙකු වූ රිචාඩ් ඩේවිඩ්සන් මහතා මීට වසර හතරකට පෙර මැතිව් භික්ෂුවගේ හිසෙහි සංවේදකයන් 256ක් සවිකිරීමෙන් පසු උන්වහන්සේට භාවන කිරීමට සලස්වා මේ පරීක්ෂණය සිදුකර තිබුණු අතර, මැතිව් හිමියන්ට අමතරව තවත් ඉහළ තලයේ භාවනානුයෝගීන් සිය ගණනක් ඩේවිඩ්සන් මහතාගේ මෙම පරීක්ෂණයට මුහුණ දී තිබිණි.

ස්කෑන් පර්යේෂණය අතර උන්වහන්සේ ක්‍රමයෙන් භාවනාවට සමවදින විට සවිංඥානකත්වයට, අවධානයට, ඉගෙනීමට සහ ස්මරණ ශක්තියට තුඩුදෙන ගැමා තරංග මට්මටක් මැතිව් හිමිගේ මොළය නිපදවූ ඩේවිඩ්සන් මහතා පැවසීය. එසේම එම ගැමා මට්ටම ස්නායු විද්‍යා පොතපතෙහි මෙතෙක් ඔවුන්ට වාර්තා වූ මට්ටම් අසාමාන්‍ය ලෙස ඉක්මවා ගිය ඉහළ අවස්ථාවක් බව ද ඩේවිඩ්සන් මහතා පැවසීය.

පර්යේෂකයන් විශ්වාස කළ පරිදි, උන්වහන්සේගේ මොළයෙහි ඉදිරි වම් බාහිකය එම දකුණු බාහිකයට සාපේක්ෂව උපරිම ක්‍රියාකාරීත්වයක් පෙන්වන්නට වූයේ සතුට සදහාත්, සෘණ සිතිවිලි කෙරෙහි ඇති රුචිය වැළැක්වීම සදහාත් අසාමාන්‍ය ඉඩක් එම මොළයෙහි පැවතිණි.

උන්වහන්සේ මීට පෙරද භාවනාව ඇසුරෙන් ලොවපුරා විද්‍යාඥයන් සිදුකර බොහෝ පර්යේෂණවලට මුහුණ දී තිබිණි. 'කෙටි කාලීන හා දීර්ඝ කාලීන භාවනාව හරහා මනස පුහුණු කිරීමෙන් මානසික ඒකාග්‍රතාව, කරුණාව සහ චිත්තවේග පාලනය හා තුලනය සදහා ඇතිවන බලපෑම වසර 12ක් පුරා අප සොයා බැලුවා'


"50.000 වාරයකට වඩා භාවනා කර ඇති දීර්ඝ කාලීනව භාවනාවේ යෙදෙන පුද්ගලයන් මෙන්ම, වර්තමාන ලෝකයේ කාර්යබහුලත්වයට ගැලපෙන ලෙස දවසකට විනාඩි 20 බැගින් සති තුනක කාලයක් භාවනා කළ පුද්ගලයන් ඇසුරෙන් කළ පර්යේෂණ තුළින් අප නොසිතූ ප්‍රතිඵළ රැසක් සොයා ගැනීමට හැකිවුණා".


බුදු දහමේ භාවනාව තුළින් අපට ප්‍රීති, සුඛ, පස්සද්ධිය ඇතිවන බව උගන්වා තිබේ. භාවනාවේදී තමා සිටින අරමුණේම සිත තබාගැනීම තුළින් ප්‍රීතිය ඇතිවෙයි. සිත චංචල වනවිට භාවනාව සිදුනොවන අතර සිත වෙහෙසට පත්වෙයි. 

සිත අරමුණක නොතිබීම නිසා ප්‍රීතිය ගිලිහෙයි. නමුත් සිත නිශ්චලව අරමුණක පවතින විට ප්‍රීතිය ඇතිවෙයි. භාවනාව තවත් දියුණු කිරීමේ දී සුඛය හා පස්සද්ධිය කරා පැමිණෙයි. ශරීරය පුරාම ඒ ප්‍රීතිය, සතුට ගලා යයි. 

අපේ සිතේ එක් රූප කාලාපයක් මිය යෑමෙන් තවත් රූප කලාපයක් නිර්මාණය වුණත්, ඒ මියයන රූප කලාපයේ ගති ලක්ෂණ ඇතිව අනෙක් රූප කලාපය නිර්මාණය වන නිසා සිතේ ඇතිවන ලෝබ, ද්වේශ, මෝහ ආදී සෘණ සිතිවිලිවලිත් ඒ රූප කලාපවල පවතී. 

අප භාවනාවක සිත තැන්පත් කළ විට සිත සෞම්‍ය තලයක පවතින නිසා ඇතිවෙමින් නැතිවන රූප කලාප තුළත් ඒ සෞම්‍ය රූප කලාප ගමන් කරයි. අලෝබ, අදෝශ, අමෝහ සිතෙහි වැඩෙයි. 





මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්වභාවය වෙනස් කිරීම





මිනිසුන්ගේ සිතුම් පැතුම් අනුව ජල අණු වල ස්වභාවය වෙනස් කරන්නට පුළුවන් බව අපූරු පර්යේෂණ
ගණනාවක් මගින් ලොවට ඔප්පු කර පෙන්වන්නට ආචාර්ය මසාරුගේ සමත් වුණා. ඔහුගේ පර්යේෂණ ක්රමවේදය සම්මත විද්යාත්මක න්යායන්ට අනුව සිදු නොවුණත් ඔහු විසින් සිය පර්යේෂණ දත්ත ඇතුළත්
කරමින් ප්රකාශයට පත් කරන ලද The Hidden Massages in Water (ජලයේ සැඟවුණු රහස්) නම් කෘතිය
මුළු විද්යාත්මක ලෝකයේම ඇස් අරවන කෘතියක් බවට පත් වී හමාරයි.

 මේ නිසාම ඔහුගේ පර්යේෂණ දත්තයන්ට විද්යාත්මක ලෝකයේ පිළිගැනීම මේ වනවිට නිතැතින්ම හිමි වී තිබෙනවා. ආචාර්ය මසාරුගේ පර්යේෂණයකින්ම අපි මේ කතාව පටන්
ගනිමු.

ජපානයේ ෆුජිවාරා (Fujiwara) වේල්ල මේ කියන කාලයේ, ඒ කියන්නේ 1995 වසරේ දී ඒ තරම්ම පිරිසිදු මට්ටමක නෙමෙයි තිබුණේ. ඒත් ආචාර්ය මසාරුගේ සුප්රකට පර්යේෂණයකට මුල් වුණේ මේ ෆුජිවාරා වේල්ලයි. ෆුජිවාරාහි ජල සාම්පලයක් අධික සිසිලසකට ලක්කොට අධි තාක්ෂණික කැමරාවකින් රූප
රාමුවකට ගත්ත ආචාර්ය මසාරුට දකින්න ලැබුණේ අපිරිසිදු නොපැහැදිලි ජල අණුවක රූපයක්.

 ඉන්පසුව ඔහු මේ වේල්ලේ ඇති ජලයට සෙන් බෞදධ හිමිවරයකුගේ මුවින් සූත්ර
සඡ්ජායනාවක් ඇසෙන්නට සැලැස්සුවා. සූත්ර සඡ්ජායනයෙන් පස්සේ වේල්ලෙන් ගත්ත ජල සාම්පලයක් පෙර පරිදිම අධික සිසිලසකට බ`දුන්කොට අධි තාක්ෂණික කැමරාවෙන් රූප රාමුවට නැගුණා. ප්රතිඵලය වුණේ හැමදෙනාම අතිශයින්ම මවිත කරවන සුලු වූවක්.

 පෙරදී දුටු අපැහැදිලි අපිරිසිදු ජල අණුව වෙනුවට මෙවර දකින්නට ලැබුණේ අතිශයින්ම පිරිසිදු
හා පැහැදිලි දිලිසෙන ජල අණුවක රූපයක්. මේ ප්රතිඵලය කොයි තරම් පෙරළිකාර සිදුවීමක් වුණා ද කියනවා නම් ඔහු පර්යේෂණ මාලාවක්ම ඉන්පස්සේ සිදු කළා.

සම්භාව්යය සංගීත රාවය මෙන්ම ගොරහැඩි නාද එකම ජල සාම්පලයකට අසන්නට සලස්වා පෙර ආකාරයෙන්ම එය රූපගත කළ පසුව ඔහුට දකින්නට ලැබුණේ මේ ආකාරයේම මවිත කරවන දත්ත සමුදායක්. 

සම්භාව්යය සංගීත රාවයට හා මුසුවූ ජල සාම්පලය පියකරු ජල අණු රටා මවද්දී ගොරහැඩි නාද සාම්පලය
හා මුසු වුණු ජල සාම්පලයෙන් දකින්නට ලැබුණේ කිසිසේත්ම පියකරු නොවූ අපැහැදිලි රටාවක්.

මේ පර්යේෂණය තවත් ඉදිරියට ගෙන ගිය ආචාර්ය මසාරු ජල සාම්පල් දෙකකට නිතිපතා එකිනෙකට වෙනස් ආකාරයේ වදන් අසන්නට සැලැස්සුවා. ආචාර්ය මසාරුගේ මුවින් ගිලිහුණු කාරුණික වදන් දිනපතා අසන්නට ලැබුණු ජල සාම්පලය පෙර පරිදිම පියකරු ජල අණු රටා මවද්දී ඔහුගේ මුවින් සැර පරුෂ වදන් නිතිපතා ඇසූ ජල සාම්පලය විකෘති හැඩ තල මවන්නට වුණා.(පින්තූරය බලන්න)



කාරුණික වදන්ඇසූ ජලය
 සැර පරුෂ වදන් ඇසූ ජලය
                                                
පරීක්ෂණයේ වෙබ් පිටුව


මේ විදියේ එකිනෙකට වෙනස් විවිධාකාර පර්යේෂණ ගණනාවක් තුළින් මිනිස් චිත්ත සන්තානයට ජල අණුවල ව්යහය වෙනස් කළ හැකිය යන මතය තහවුරු කරන්නට ඔහු සමත් වුණා. ඔහුගේ මේ පර්යේෂණය බෞද්ධ ජනතාවට ඒ තරම්ම පුදුම සහගත කරුණක් නොවන්නේ පිරිත් සඡ්ජායනාවෙන් ආශීර්වාද ලබන පිරිත් පැන් පිළිබද සංකල්පය බෞද්ධ සිත් සතන් තුළ තැන්පත් වෙලා තියෙන්නේ සියවස් ගණනාවක් ඈත ඉදන් නිසයි.

 ෆුජිවාරාහි ඔහු කළ පර්යේෂණය මගිනුත් තහවුරු වෙලා තිබුණේ පිරිත් සූත්ර සඡ්ජායනා ජලයේ ස්වභාවයට ධනාත්මක විදියට බලපාන ආකාරයයි.

මේ කතාව අවසන් කරන්නට මත්තෙන් ආචාර්ය මසාරු අවධාරණය කරන තවත් කරුණක් සිහිපත් කරන්නට අවශ්යයි. අපේ සිරුරෙන් සියයට හැත්තෑවකටත් වඩා තියෙන්නේ ජලය බව විද්යාත්මක
සත්යයක්.
 ඒ කියන්නේ මිනිසුන් කියන අපි නිර්මාණය වෙලා තියෙන්නේත් ජලය මත පදනම්ව. ඒ නිසා ධනාත්මක
සිතිවිලි නිරන්තරයෙන්ම සිතන පතන පුද්ගලයන්ගේ සිරුරේ ජල අණු ඒ මත පදනම්ව ධනාත්මක
පිරිපුන් දිවියකට මග පාදන බව ආචාර්ය මසාරු පෙන්වා දෙනවා. ඒත් ඔහු මේ කියන කරුණ මීටත් වඩා පුළුල් අර්ථයෙන් බුදුන් වහන්සේ පහදලා දුන්නේ අවුරුදු දහස් ගණනකට කලින්. "ඔබ කවුරුන්දැයි තීරණය වන්නේ ඔබේ සිතිවිලි අනුවයි". ඒ බුදු වදනයි.







මරණයෙන් පසු සිත පවතින බවට සාක්ශි නවින විද්යාවට හසුවෙයි




ආචාර්ය සෑම් පානිනෝ අමෙරිකාවේ ස්ටෝනි බෲක් විශ්වවිද්යාලයට අනුබද්ධ ශික්ෂණ රෝහලේ resuscitation medicine හෙවත් හදවත අක්රියවී, මොළයට ලේ ගමණ නැවතී මොළය මියයන්නට ආසන්න රෝගීන්ගේ හදවත නැවත පණගන්වා ඔවුන් නැවතත් සිහි ගැන්වීමේ තාක්ශණයේ විශේෂඥයෙකු වන අතර එම විශ්වවිද්යාලයේ පිලිබඳව පර්යේෂණ ආයතනයේ අධ්යක්ශක වරයායි.
එමෙන්ම ඔහු Human Consciousness Project’s AWARE study නැමැති පර්යේෂණ ව්යාපෘතියේ ව්යාපෘති
නායකයායි.

මෙම ව්යාපෘතිය මිනිස් විඤ්ඤාණය හා විඤ්ඤාණය හටගන්නේ කෙසේද, මරණින් පසු මිනිස් විඤ්ඤාණයට කුමක් සිදුවේද, එය විනාශවේද, නැතහොත් දිගින් දිගටම පවතීද යනාදී
උභතෝකෝටිකයන් පිලිබඳව ඉතා විද්යාත්මකව පර්යේශණ පවත්වයි. හදවත නැවතී, මොළය අක්රියවී පැය භාගයකටත් අධික කාළයක් ගතවුනු රෝගීන් පවා ආචාර්ය සෑම් පානිනෝගේ ශල්යාගාරයේදී
නැවත ජීවිතය ලබා ඇති අතර ඔහුගේ හා ඔහු සහයක පර්යේෂකයින්ගේ පර්යේෂණ හා ලබාගත් ප්රථිපල මත මොළය මියයාම පිලිබඳව කලින් දැරූ මත වෙනස් කිරීමට සිදුවී තිබේ.
මොළයට ඔක්සිජන් නොමැතිව විනාඩි 10-15 ඉකමවූ තැන මොළය මියගොස් රෝගියා නැවත ප්රකෘති තත්වයට පත්කල නොහැකි බවට මෙතෙක්කල් වෛද්යවිද්යාව දැරූ මතය දැන් වෙනස්
වෙමින් ඇති අතර ආචාර්ය සෑම් හා ඔහුගේ සහයකයින් මොළයට ඔක්සිජන් නැතිවී විනාඩි 40ක් ඉක්මව ගිය පුද්ගලයෙකුටද නොබෝදා නැවතත් ජීවිතය ලබාදීමට සමත්වී තිබේ. ජෝ ටිරලෝසී
නම් වූ මෙම පුද්ගලයා විනාඩි 40ක් මොලයට ඔක්සිජන් නොමැතිව සිටියද නැවතත් සිහිය ලබා දැන් ප්රකෘති තත්වයට පත්ව සිටින්නේය
.
මොළයට ඔක්සිජන් නොමැතිව යම් කලක් සිට ප්රකෘති තත්වයට පත්වන රෝගීන්ගෙන් යම් ප්රතිශතයක් සිහිසුන්ව සිටි කාළයේ තමා දුටුදේවල් ගැන පර්යේෂකයින්ට විස්තර
පවසා තිබෙනවා. Human Consciousness Project’s AWARE study ව්යාපෘතිය, ආචාර්ය සෑම් පානිනෝගේ ප්රධානත්වයෙන් අමෙරිකාවේ හා යුරෝපයේ රෝහල් විශාල සංඛයාවකදී මෙලෙස මොළය අක්රියව සිට නැවත ප්රකෘති තත්වයට පත්වූ රෝගී පිලිබඳව හා සිහිසුන්ව සිටි සමයේ ඔවුන්ගේ අත්දැකීම්
පිලිබඳ දත්ත විද්යාත්මකව එකතුකොට විශ්ලේෂණය කොට තිබෙනවා.

මේ අනුව වෛද්ය විද්යාත්මකව මොළය අක්රිය පවතිද්දී මෙම පුද්ගලයින් යම්යම්දේ දකින්නේ කෙසේද, ඒවා මොළය අක්රිය පවතිද්දී මේ විඤ්ඤාණයන් කෙසේ ජනනය වූයේද, ඒවා කෙසේ ඔවුන්ගේ මතකයේ තැම්පත්වී නැවත සිහිගැන්වූ විට මතක්වන්නේ කෙසේද යන්න පිලිබඳව ගැඹුරින් හදාරමින් තිබෙනවා.
මොළය අක්රියවීමෙන් සිත මියයන්නේ නෑ...!


ආචාර්ය සෑම් ඇතුලු පර්යේෂකයින්ගේ කල්පිතය අනුව මොළයට ඔක්සිජන් නොමැතිව මොළය අක්රියවූ විගසම පුද්ගලයෙකුගේ සිත නැතිනම් විඤ්ඤාණය විනාශවී යන්නේ නෑ. එනම් මිනිස්
සිතට, භෞතිකවූ මොළයට පරිබාහිරව පැවතීමේ මෙන්ම අත්දැකීම් ලැබීමේ හා සංජානනය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඔක්සිජන් ලැබී මොළය නැවත ක්රියාත්මකවූ විගස මෙම
විඤ්ඤාණය නැවතත් මොළය හා බැඳී පුද්ගලයාට ස්වයං අවබෝධය (self-awareness) ලබාදෙන බව අනුමාන කෙරෙනවා. (http://www.wired.com/2013/04/consciousness-after-death/)



බුදු හිමිගේ විෂ්ව දැනුම



ලොකයේ ආරම්භය බුදු දහම ඇසුරේන් 3gp



බුදු හිමිගේ විෂ්ව දැනුම 3gp


අවුරුදු 74 නොකා නොබී ඉන්න මිනිහෙක්


 " අවුරුදු හැත්තෑ හතරක් තිස්සේ මොනවත් කාලත් නෑ බීලත් නෑ "මේ කථාව කියන විට ඔබ විශ්වාස නොකරනු ඇත. නමුත් බටහිර වෛද්‍ය විද්‍යා පරීක්ෂණ දෙකක් මගින් මෙය සත්‍ය බව සහතික කර ඇත. ඒබව පහත වීඩියෝව බැලීමෙන් ඔබට දැක ගැනීමට හැකිය. මේ අපූරු පුද්ගලයා ජීවත් වන්නේ ඉන්දියාවේය. ඔහු 1929 අගෝස්තු 13 වන දින උපත ලැබූ ප්‍රාහ්ලාද් ජානිය. වයස අවුරුදු 11 දී ඔහු තනිව වනගතවී ඇත්තේ භාවනා ප්‍රගුණ කිරීමටය.

 මේ පිලිබද සිදුකල වෛද්‍ය පරීක්ෂණය පිලිබද තොරතුරු පහත වීඩියෝවේ ඔබට බලාගත හැකිය.




2003 වර්ෂයේදී එක් පරීක්ෂණයක් සිදුකරන අතර 2010 වර්ෂයේදී අනිත් පරීක්ෂණය සිදුකර ඇත. ප්‍රාහ්ලාද් මහතා මේ පරීක්ෂණ දෙකින්ම සමත්ව ඇත.

මේ පිලිබද පරීක්ෂණ සිදුකල වෛද්‍යවරුන් සහ විද්‍යාඥයන් පවසන පරිදි මෙතුමාගේ ශරීර සෞඛ්‍ය ඉතා හොදින් තිබෙන බවයි. ඔහුගේ සියළුම ඉංද්‍රිය සෞඛමත්ව තිබේ. ඔහුගේ ආමාශ සහ වකුගඩු සම්පූර්ණයෙන් හිස්ව ඇති නමුත් සියළුම අභ්‍යන්තර ක්‍රියාවලි සිදුවේ. ශක්තිය ශරීරයට ලැබෙන ආකාරය කිසිම ලෙසකින් පැහැදිලි කිරීමට නොහැකි බවද පවසා ඇත.







No comments:

Post a Comment