ස0සාර බිය දකින්න

                                    



 මේ  කතා නිකම්ම භූත කතා කියවන්නට නොවේ.නුවණැත්තන් සඳහා ය.සමාජය දැනුවත් කිරීමටය.සතර අපායයන් ගෙන් එක් අපායක් වන පේත ලෝකයහි ඔවුන් විදිනා දුක දැක සසර බිය දැක නොපමාව සසරි එතෙර විමට කටයුතු කරත්වා...!!!

(මෙහි පල වන්නේ අන්තර්ජාලයෙන් උපුටා ගත් සත්ත්‍ය කතා වන අතර සියලු අයිතිය මුල් කතුවරුන් සතුය.)


01.සමුහ දූෂණයට ලක් වූ තරුණිය ප්රේතියක් වී පළිගන්න ආ හැටි


තරහව, වෛරය හා කේරා්ධය බුර බුරා නැඟෙන ගින්නක් මෙනි. හද

සන්තානය නිතර දවාලන ගින්නකි. යමකු කෙරෙහි වෛරයෙන්
සිටින පුද්ගලයෝ පළිගැනීමේ චේතනා චිත්ත
සන්තානයේ පුරවාගෙන දැවි දැවී සිටිති. අනුන් දවාලීමට තරම්
වෛරයකින් සිටින පුද්ගලයා ඒ වෛරයේ තමාම දැවෙන බව නොදනී.
මෝහය විසින් ඒ බව වසා ගනු ලැබ ඇත.
රංගන වාද්දුවේ පදිංචි හෝටල් සේවකයෙකි. තිස් හය හැවිරිදි ඔහු
විවාහකයෙකි. එක් දරු පියෙකි. දැනට අවුරුදු හතරක සිට රංගන
වරින් වර සිහිසුන්ව වැටෙන්නට විය. මේ නිසාම රැකියාවද අහිමි වී ගියේය.
ඔහුට බිරිය පිළිකුල් විය. දැනට අවුරුදු එකහමාරක් තුළ ඔහු
බිරියගේ අතින්වත් අල්ලා නැත. දිවා රාත්රි දෙකේම නින්දට
පුරුදුව සිටින ඔහු අවදි වී සිටින සෑම විටම බර කල්පනාවක
නිමග්නව සිටී. ලිංගික ප්රදේශ රේසර් තලවලින් කපාගෙන
තුවාල කරගෙන ඇත. ඔහුට පිරිමි ළමයින් පෙනෙන්නට
නොහැකිය. වහකදුරු සේය. දුටු තැන ගල් මුල්වලින් ගසා පහර දී
එළවා දමයි. නිතරම ද්වේෂයෙන් රණ්ඩු කරන, පහර දෙන
නිසා බිරිය වෙනම ජීවත් වෙයි. දැන් රංගන ජීවත් වන්නේ මවුපියන්
සමඟය.
මොහු මේ තත්ත්වයෙන් මුදා ගන්න මනෝ වෛද්ය ප්රතිකාර
කළත් ලැබුණු සුවයක් නම් නොවීය. වෙනත් අභිචාර විධිවලින්ද
වැඩක් වූයේ නැත. පසුව 'මළවුන්ගේ හෝරාව' කියවන
ඥාතියකුගේ උපදෙස් මත
රංගනගේ මවුපියෝ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්යස්ථානය
වෙත ඔහු රැගෙන ගියහ.
ආධ්යාත්මික උපදේශක කසුන් නාගොඩවිතාන මහතා වෙත
රංගන ඉදිරිපත් කිරීමෙන් පසුව පරීක්ෂාවට ලක් කළේය. හය
මාසයක් තිස්සේ මුහුණ කට සේදීමක් හෝ දිය නා පිරිසුදු වීමක් කර
නොමැති බැවින් ප්රතිකාර කාමරය පුරා දුර්ගන්ධයක් පැතිර
ගියේය. හිස කෙස්, රැවුල් නොකපා කාලයක් සිටි බැවින් රෝගියා බැලූ
බැල්මටම ඉතාම අප්රසන්න විය.
දින දහහතරක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවැත
එන්නැයි උපදෙස් ලැබිණි. ඒ අනුව මවුපියන් ඔහු
ඉතා අපහසුවෙන් පන්සලට ගෙන ගොස් තිබිණි. දින හතරක් බෝධි
පූජා පවත්වන විට ඔහු මුහුණ සෝදන්නටත්, නාන්නටත්
පටන් ගෙන ඇත.
ඊළඟ දිනයේ පැමිණෙන විට රැවුල සහ කොණ්ඩය කපා තිබිණි.
රණ්ඩු දබර කිරීම නතර කොට ඇති බව මවුපියෝ පැවැසූහ. එදින
ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට රංගන අඬන්නට
විය. ඉන් එහා විශේෂ දෙයක් මතු නොවූ බැවින් තවත් දින විසි
එකක් ගෙදර බුදු කුටියේ මල් පහන් පුදා උදේ හවස තෙරුවන්
වඳින ලෙස නියම කළේය. දිනපතා උදේ හවස එම
වන්දනා කටයුත්තට පැයක් පමණ ගත කරන ලෙසද
පුතා සමඟ තෙරුවන් වන්දනා කොට සජ්¿ධායනා කිරීමට සූත්ර
කිහිපයක්ද නියම කොට ඒ කාලය තුළ ශ්රද්ධාව වැඩෙන ලෙස
කටයුතු කරන්නැයි මවට උපදෙස් දුන්නේය. අවශ්ය දේ සපයා දී
ඇති සෑම අවස්ථාවකම ඊට සහභාගි වෙන්නැයි පියාටද නියම
කළේය. ඊළඟට පැමිණෙන දිනයේදී රංගනගේ බිරිය
කැඳවාගෙන එන්නැයි උපදෙස් දුන්නේය.
ඊළඟට පැමිණි දිනයේ ගවේෂකවරයා රංගන සමඟ
කතා කළේය. ඇඟ රිදෙන බව රංගන කීවේය. ගවේෂකවරයා ශක්ති
කිරණ එල්ල කරන විට රෝගියා දෑස් ලොකු කර හිස දෙපසට
වනා 'මම යන්නේ නෑ. මම යන්නේ තොපි ඔක්කොම
මරාගෙන' යැයි මහා භයංකර හඬකින් කෑ ගැසුවේය. ඒ හඬ කෙතරම්
බියකරුද යත් ඔහුගේ මවුපිය දෙදෙනා පවා බියට පත්ව ප්රතිකාර
කාමරයෙන් පිටතට පැන දිවූහ. ගවේෂකවරයා රෝගියා පාලනය
කොට ප්රශ්න කළේය.

'කවුද මේ කෑ ගහන්නේ?'

'මට මතක නෑ. මම මුන්ගෙ හත්මුතු පරම්පරාවෙන්ම පළි
ගන්නවා.'
'තමුන් ඉන්නේ මහත් දුකකින් බව මට පෙනෙනවා.
තමුන්ට ඕනෑ පළිගන්නද? ඔය දුකෙන් සුවපත් වෙන්නද?'
'සුවපත් වෙන්න මහත්තයෝ සුවපත් වෙන්න' යි අඬන්නට විය.
'තමුන්ට මොනවද වුණේ?'
'මාව මැරුවා මහත්තයෝ තිරිසන්නු මාව මැරුවා.'
'කවුද මැරුවේ?'
'කට්ටියක්. මම උන්ව අඳුනන්නෙ නෑ. මම වැඩ
ඇරිලා එනකොට උන් මාව බලෙන්ම වාහනයකට
ඇදලා දාගෙන ගිහින් දූෂණය කළා. මම
වැඳලා කිව්වා අනේ ඔය අපරාධය කරන්න එපා කියලා. උන්
බීලා හිටියේ. උන් ඔක්කොම මාව දූෂණය කරලා මගේ බෙල්ල
මිරිකලා මරලා ගඟට දැම්මා.'
'ඊට පස්සේ?'
'ඊට පස්සේ මම මුහුද අයිනට වෙලා හිටියා. මට යන්න එන්න
තැනක් මතක් වුණේ නෑ.'
'අම්මා, තාත්තා, ගෙදර මතකද?'
'නෑ. පිරිමි එක්ක වෛරයමයි හිතේ තියෙන්නේ, වෙන කිසි දෙයක්
මතකයට එන්නේ නෑ. උන් කරපු අපරාධය
නිසා පළිගැනීමේ වෛරයෙන් තමයි නිතර හිත වසාගෙන
තියෙන්නේ.'
'ඉතින් මේ රංගනගෙ ඇඟට රිංගුවේ කොහොමද?'
'මෙයා යාළුවොත් එක්ක මුහුද අයිනේ අරක්කු බිව්වා. මස් බැදගෙන
කෑවා. මෙයා බැදපු මස් කනකොට ඒ බැදුම් සුවඳත් එක්ක රිංගුවා.'
'මොකටද රිංගුවේ?'
'පළිගන්න, පිරිමි සංහතියෙන්ම පළිගන්න චේතනාව හිත
තුළ තිබුණා. අවස්ථාව ආවා. රිංගුවා.'

ගවේෂකවරයා රංගනට ප්රකෘති සිහිය ලබා දී මෙවැනි සිද්ධියක්

මතක දැයි ඇසීය.
'ඔව්. දවසක් යාළුවකුගේ උපන් දිනයකට මුහුදු වෙරළෙදි මස්
බැදගෙන කකා අරක්කු බිව්වා මතකයි' යැයි ඔහු කීවේය.
නැවැතත් භූතාත්මය රංගනගේ ශරීරයට
ගෙන්වා ගවේෂකවරයා කතා කළේය.
'කීපදෙනෙක් ඔබට අපරාධයක් කර මරා දාපු එක වරදක් බව
අපිත් පිළිගන්නවා. ඔබ තුළ ඇතිවුණු තදබල
වෛරයේ දරුණුකම නිසා ඒ අය කවුද කියාවත් ඔබට මතක නෑ. අඩු
ගණනේ තමන්ගේ නම ගමවත් මතක
නැත්තේ වෛරයේ දරුණුකම නිසා. ඉතින් කීපදෙනෙක් කරපු
වරදකට මුළු පිරිමි සංහතියෙන්ම පළිගන්න වෛර කරන එක
නම් සාධාරණ නෑ. මේ රංගනත් ඒ වරදට සම්බන්ධ නැති
නිසා ඔහුට කරදර හිරිහැර කරන එකත් වැරැදියි. දැන් ඔබ
නිසා රංගනට රස්සාවත් නෑ. විවාහයත් අවුල් වෙලා. ඒ කාරණය
අනුව ඔබ පාපකර්මයක් සිද්ධ කර ගන්නවා.'
'ජීවිතය කියන්නේ සිතුම් පැතුම් සමඟ දෝලනය වන
ක්රියාවලියක්. එහි පවතින සත්ය අසත්ය සාධාරණ අසාධාරණකම්
තියෙන්නේ ඔය මතකය තුළ. සිත තුළ. ඔබට දැන් හරි
මතකයක් නෑ. සිදුවුණු දෙයත් වෛරයත් අතර වෙන කිසිදෙයක්
මතක නෑ. හොඳට හිතන්න. කල්පනා කරන්න. ඔබේ ඔය වෛරී
මතකය මහා ගින්නක්. තමුන්ට වුණාද නැද්ද කියලවත්
හරියට මතක නෑ. දැන් ඔබ එදා සිටිය තරුණිය නෙවෙයි.
දුගතිගාමී අමනුෂ්යයෙක්. ඒ තුළ ඉඳගෙන දැවි දැවී
ඉන්නවා. තැවෙනවා. ඔය තැවිල්ල තවත් අවුරුදු දස දහස්
ගණනක් පවතීවි. ඒක දුකක්. මහා දුකක්. ඔබට අපරාධයක්
කළ අයට දැන් ස්වභාවධර්මයෙන් දඬුවම්, විපාක දීලා ඇති. ඒ
අයත් නිරයේ ඉපිද දැවෙනවා ඇති. දැන් ඔබ රංගනට කරන
හිරිහැරය බාහිර පාපයක්. ඔහුට කරන හිරිහැරය වරදක්. ඔබ තවත්
දුක්වෙන්න අවශ්ය නෑ. ඔබේ තැවීම බොරු වැඩක්. ඔය ආත්ම
භාවයෙන් මිදී සුගතියට යන්න. දෙවි කෙනෙක් වෙන්න.
මේ පාපකාරී මිනිසුන්ගෙන් අෑත් වෙලා දෙව්ලොවට යන්න.
දිව්යාංගනාවක් වෙන්න. සුරංගනාවියක් වෙන්න.'
'සුරංගනාවියක් වෙන්න. ඒකට මම මොනවද කරන්න ඕනෑ' යි
ප්රේතිය ඇසුවාය.
'ඒකට මේ රංගනගේ ශරීරයෙන් පිටවෙලා හොඳ තැනකට යන්න.
පින් දහම් කරන සිද්ධස්ථානයකට යන්න. එතැන සිද්ධ වෙන
පින්දහම්වලට මනසින් දායක වෙලා පින් අනුමෝදන්
වෙන්න.'
'අනේ මහත්තයා මට තේරෙන්නේ නෑ. මට උදවු කරන්න.'
ගවේෂකවරයා සුදු නෙලුම් මල් වට්ටියක් ගෙන්වා භූතාත්මය එයට
සම්බන්ධ කොට කළුතර බෝධියට යැව්වේය. මේ කටයුතුවලට මෙතෙක්
වෙන්ව සිටි රංගනගේ බිරියද පැමිණ සමඟියෙන් සහභාගි වූවාය




02.මේ ලලිත්ගෙ ශරීරෙ ඉන්නෙ කව්ද?


යන්ත්ර, මන්ත්ර, ගුරුකම් අෑත අතීතයේ සිටම ලෝකයේ සෑම
රටකම පාහේ පැවැත එන අභිචාර විධි ක්රමයකි. මිනිසාගේ යහපත
සඳහා මළවුන් ඇදහීමෙන් ඔවුන්ගේ ආශීර්වාද ආරක්ෂාව
බලාපොරොත්තුවෙන් ආරම්භ වූ මෙම ශාන්තිකර්ම ක්රමය අක්ෂර
බලය, වාග් ශක්තිය, ජීව ප්රාණ කොට ගොඩනැඟුණකි. තණ්හාව
මූලික ස්වභාවය කොටගෙන ජීවත් වන මිනිසා ඊළඟට
කළේ තමන්ගේ ජයග්රහණය මෙන්ම අනුන්ගේ පරාජය සඳහාද
විනාශය සඳහාද පළිගැනීම හා දඬුවම් කිරීම සඳහාද මේ ශාස්ත්රය
යොදා ගැනීමය. ඇතැම් අය සාධාරණව, විවෘතව, විනිවිදව ඉටුකර
ගැනීමට නොහැකි දේවල් මේ ගුප්ත බලවේග මඟින් ඉටු කර
ගැනීමට මේ ශාස්ත්රය උපයෝගි කොට ගත්හ. කෙසේ නමුත්
මේ ශාස්ත්රයේදී අපට නොපෙනෙන ගුප්ත ශක්තීන්, ගුප්ත
බලවේග, ගුප්ත ජීව කොට්ඨාසවල ආධාරය උපකාරයද ඊට සම්බන්ධ
වේ. එවැනි අවස්ථාවල මේ කටයුතුවලට සම්බන්ධ වන එම පහත්
මට්ටමේ අමනුෂ්ය බලවේග යම් යම් ක්රම මඟින්
කෙනකුගේ ශරීරයට සම්බන්ධ කිරීම නම් අහිතකරය. හානිකරය.
මහා පාපයකි. මෝහයෙන් අන්ධ වූ තණ්හාවෙන් පීඩිත වූ
මිනිසා මේ ගැන නොසිතයි. නොතකයි.

ලලිත් හොරණට නුදුරු ගම්මානයක පදිංචි තිස්තුන් හැවිරිදි
තරුණයෙකි. නින්දෙන් බිය වී ගැස්සී ඇහැරීම, ශරීරය වෙව්ලන්නට වීම,
බඩපුරවා දැමීම, ඇඟපත වේදනාව, ගෙදර අය සමඟ රණ්ඩු
කිරීම, වමනය, ආදී අසනීප හා ආබාධවලින් ඔහු පෙළෙන්නට
විය. මාස හයක පමණ කාලයක සිට පවතින මේ තත්ත්වයට
ප්රතිකාර ගැනීමට විශේෂඥ වෛද්යවරුන් මුණගැසී විවිධ
පරීක්ෂණවලට යොමු වුවද ඔහුට කිසිම රෝගයක් නැතැයි
අනාවරණය විය. එහෙත් ඔහු විඳින පීඩාවන්ගෙන් අඩුවක් නම්
නොවීය.
පසුව "මළවුන්ගේ හෝරාව" හි ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ
මධ්යස්ථානය පිළිබඳ විමසා බැලූ ලලිත්ගේ මවත් එකම සහෝදරියත්
ඔහු එහි කැඳවාගෙන ආහ. ආධ්යාත්මීය උපදේශක කසුන්
නාගොඩවිතාන මහතා මුණගැසී ප්රතිකාර පැතීය.
පළමු ගවේෂණයේදී ලලිත්ට කිරණ ශක්තිය එල්ල කරන විට
ඔහු පැද්දෙන්නට පටන්ගෙන සිහිසුන්ව ඇද වැටුණේය. දින විසි
එකක් ගමේ පන්සලේදී බෝධිපූජා පවත්වා නැවැත එන ලෙස
ගවේෂකයා උපදෙස් දුන්නේය.
එහිදී ලලිත්ගේ මව තවත් දෙයක් අනාවරණය කළාය. "ලලිත්
ගමේ කෙල්ලක් සමඟ ප්රේම සම්බන්ධතාවක් පවත්වාගෙන
යනවා. අපි ඒකට කැමැති නැහැ. ඒත් අපේ අකැමැත්ත
අප අඟවලා නෑ. ඒ ගෑනු ළමයත් අපිව ආශ්රය කරනවා.
ලලිත් ගෙදර අයට දැන් හරිම නපුරුයි. මේ ගමන එන්නවත්
කැමැති වුණේ නෑ. ඒ කෙල්ල ලවා ලලිත්ට කියවලා තමයි
එක්කගෙන ආවේ අසනීපය සුවකර ගන්න කියලා. ඒ
කෙල්ලත් මේ ළමයා වගේම වමනය කරනවා හිටිහැටියේ" යැයි විස්තර
කළාය.

එහෙම නම් ඒ ගෑනු ළමයාට අමනුෂ්ය දෝෂ ගැන
නොකියා ලලිත්ගේ අසනීපයට බෝධිපූජා පවත්වන බව කියා හැකි
නම් ඇයත් බෝධිපූජාවට කැඳවාගෙන යන්න යැයි
ලලිත්ගේ මවට උපදෙස් දුන්නේය. ඊළඟ දවසේ පැමිණෙන
විට ඒ ගෑනු ළමයාවත් කැඳවාගෙන එන ලෙසද කීවේය.
ඊළඟ දිනයේ ඔවුන් පැමිණෙන විට ලලිත්ගේ පෙම්වතියද
ආවාය. එදින ශක්ති කිරණ එල්ල කරන විට ලලිත් සහ
ඔහුගේ පෙම්වතියද ප්රලය වූහ.
ලලිත් ප්රලය වී ඔළුව බිත්තියේ හප්පා ගත්තේය.
ලලිත්ගේ පෙම්වතිය ශිරාණි ප්රලය වී කතා කරන්නට වූවාය.
ගවේෂකවරයා ඇගෙන් ප්රශ්න කළේය.

"කවුද මේ ශිරාණිගෙ ඇඟට රිංගලා ඉන්නේ?"
"රිංගුවා නෙවෙයි බන්ධනය කරලා ඉන්නේ."
"හරි... කවුද තමා?"
"නම මතක නෑ."
"කවුද බන්ධනය කළේ?"
"මේ කෙල්ලගෙ අම්මා දේවාලයකට ගිහින් බන්ධනය කෙරෙව්වා."
"ඒ මොකටද?"
"මූව මේ කෙල්ල ළඟින්ම තියාගන්න. මේ කෙල්ලව
දාලා යයි කියලා බයේ."
"එතකොට මේ ලලිත්ගේ ශරීරයෙ ඉන්නේ කවුද?"
"ඒත් මම වගේම එකෙක්. හැබැයි උෟට කතා කරන්න බැහැ."
"මේ ශිරාණිගෙ අම්මා තනියමද ඔය වැඩේ කළේ?"
"නෑ මේ කෙල්ලගෙ නැන්දත් එක්ක."
"තමුන් ජීවත් වෙන්නේ කොහොමද?"
"මම ඉන්නේ මේ කෙල්ලගෙ බඩේ. මාසික අපවිත්ර ලේවලින්
තමයි ජීවත් වෙන්නේ."

ශිරාණිගේ ශරීරයේ ඉන්න ප්රේතයා අනාවරණය කළ කතාව
පටිගත කොට ඇයට අසන්නට සැලැස්වීය. මෙයින් මහත්
වේදනාවටත්, අම්මා ගැන කලකිරීමටත් පත් ශිරාණි
අ¾ඩන්නට වූවාය. ගවේෂකවරයා ඇයට කරුණු අවබෝධ කළේය.
"ශිරාණි ඔය ළමයා බය වෙන්න එපා. මම ඔය ළමයට හානියක්
කරන්නේ නෑ. ඔයාගෙ අම්මා මෝඩකමට මහා අපරාධයක්
කරලා තියෙන්නේ. ඔය දෙන්නගෙම ජීවිත විනාශ වෙන්න ඉඩ
තිබුණා. මම ඔය දෙන්නවම සුවපත් කරනවා. අම්මාට
මේ ගැන කිසි දෙයක් නොකියා ඊළඟ දවසට අම්මාවත්
එක්කගෙන එන්න."
ඊළඟ දිනයේ මේ අය පැමිණෙන විට ශිරාණි ඇගේ අම්මාද
කැඳවාගෙන ආවාය. එදිනද ලලිත් ප්රලය වී කතාකර ගත
නොහැකිව බිත්තියේ ඔළුව හප්පමින් අඬන්න වූවේය.
ගවේෂකවරයා ශිරාණිගේ අම්මා ඇමැතීය. "තමුන්
අම්මා කෙනෙක්. ගෙදර බුදුන් අම්මාය කියනවා. ඒත් තමුන්
කරලා තියෙන්නේ පාහර වැඩක්. බලන්න මෙහෙම ගියොත්
මේ ලලිත්ගේ ජීවිතේ නැති වෙනවා. ඒ විතරක්ද තමුන්
තමන්ගේ දුවටත් ගුරුකමක් කරලා ඇයත් දුක් විඳිනවා.
මෙහෙම ගියොත් දුවගෙ ඇඟට බන්ධනය කරපු
ප්රේතයා ඇගේ ශරීරයේ යුෂ බීලා ඇයවත් මරනවා."
"අනේ මහත්තයෝ මේ මොන බොරුවක්ද? මම එහෙම දෙයක්
කළේ නැහැ" යැයි ශිරාණිගේ මව කීවාය. අනෙක් පිරිස
තෘෂ්ණිම්භූතව බලා සිටිති. ලලිත් ප්රලය වී වැනෙමින්
අඬමින් සිටී.

"හොඳයි අපි කියන්නේ බොරුවක්ද කියලා අපට දැන් බලාගන්න
පුළුවන්" යැයි කී ගවේෂකවරයා ශිරාණිට ශක්ති කිරණ එල්ල
කොට ප්රලය කළේය.
"දැන් කොහොමද?"
"බෝධි පූජාවලට ගියාම හිතට සැනසුමක් දැනුණා මහත්තයා."
"තමුන්ව මේ ශිරාණිගේ ඇඟට එව්වේ කවුද?"
"මේ ළඟ ඉන්නේ මහත්තයා. පුදුම ගෑනු. මුන් අම්මලාද
මහත්තයො? කිසිම වග විභාගයක් නැතිව දේවාලවල කපු
ගෑනුන්ගෙ කීමට තමන්ගෙම දුවටත් වස විස බන්ධන කවන
අම්මලා."
"කොහේද ඔය දේවාලය?"
"කුරුණෑගල මහත්තයා කුරුණෑගල."
නැවැතත් ශිරාණිගේ මව ඇමැතූ ගවේෂකවරයා "දැන්වත්
පිළිගන්නවාද මේ භූතාත්මය තමන්ගෙම දුවගෙ කටින් පිට
කරපු වචන පිළිගන්නෙ නැද්ද? දැන් තමුන් මෝඩකමට
සාත්තරකාරියන්ගෙ කීමට දුවට කන්න දුන්නු
දේ දුවගෙ ජීවිතයටත් අහිතකර වෙලා. දුවගෙ ජීවිතේ බේරා ගන්න
ඕනෑ නම් ඇත්ත කියන්න. නැත්නම් මම ලලිත්ව
විතරක් සනීප කරනවා. දුවව කුරුණෑගලම අරන් ගිහින්
ලක්ෂයක් විතර වියදම් කරලා බලන්න."
"අනේ මහත්තයා මට සමාවෙන්න. මෙහෙම දෙයක් වෙයි කියලා මම
හිතුවෙ නෑ. කුරුණෑගල දේවාලයට ගිය කතාව ඇත්ත. මම වරද
පිළිගන්නවා."
"තමුන් හොරණ ඉඳලා කොහොමද ඔය කුරුණෑගල දේවාලය
හොයාගෙන ගියේ?"
"ඉන්ටර්නෙට් එකෙන් දැකලයි ගියේ. අත්දුටුවයි සත්තයි
කියලා දැන්වීමක් දැකලයි ගියේ."
"එහෙම නම් දැන් තමුන් කල්පනා කරන්න තමන් කරපු
මෝඩ තකතීරු වැඩේ නිසා තරුණ ජීවිත දෙකක් විනාශ වෙනවා.
ලලිත්ටත් කලින් තමන්ගෙම දුවගෙ ජීවිතේ නැති වෙනවා.
එහෙම නම් දැන් මේ ළමයි දෙන්නාගෙන් සමාව අරගන්න"
යැයි ගවේෂකවරයා ශිරාණිගේ මවට කීවාය.
ඇය ලලිත්ගෙනුත් සිය දියණියගෙනුත් සමාව ගත්තාය.
ලලිත්ගේ මවටත් නැන්දාටත් වැඳ සමාව ගත්තාය.
ගවේෂකවරයාටද වැඳ සමාව ගත්තාය.
ගවේෂකවරයා ලලිත්ගේ හා ශිරාණිගේ ශරීරවලින් භූතාත්ම දෙක
නිදහස් කර අවවාද කොට පලවා හැරියේය. ඔවුන් දෙදෙනාට
ආධ්යාත්මීය ආරක්ෂාවක් යෙදීය.
"මම මේ දෙන්නගෙම භූත දෝෂ ඉවත් කළා. ප්රේම සම්බන්ධ
කඩාබිඳ දමන්න නම් මට බැහැ. මේ දෙන්න ආශ්රය කරලා තමන්ට ගැළපේ නම් ඒ ගොල්ලෝ තීන්දුවක් ගනීවි" යැයි ගවේෂකවරයා ප්රතිකාර අවසන් කළේය. 



03.මියගියත් දියණිය දමා නොගිය තාත්තා

අද ඔබව මම ගෙන එන්නේ වසර 17 මුළුල්ලේ නොයෙක් රෝග
පීඩාවන්ට ලක් වී සිටි කාන්තාවක් “මෛත්රී සෙවණ”
ආරාමයේ අප මෑණියන් විසින් සුවපත් කළ ආකාරයයි.
වෙනදා වගේම අදත් සුදුවතින් සැරසුණු සැදැහැවතුන් ලහි
ලහියේ සැරසෙන්නේ අනන්ත වූ බුදුගුණ බලයෙන් තම ගත සිත
සනසා ගන්නටයි. ආරාමයේ ඝණ්ටාරය තෙවරක් නාද වීමත් සමගම පැමිණ සිටි
සියලුම දෙනා ධර්මශාලාවේ සිට විහාර මන්දිරය දක්වා එක පෙළට
පෙළ ගැසී ත්රිවිධ ෙචෙත්යයන් උදෙසා පූජාවන් තැන්පත්
කිරීමෙන් අනතුරුව මෑණියන් විසින් සම්බුද්ධ පූජාවත්, බෝධි පූජාවත්
පවත්වා පැමිණ සිටි සියලුම දෙනාගේ හදවත් ශ්රද්ධාවෙන් පුරවන
ලදී.

සම්බුද්ධ පූජාවෙන් අනතුරුව සෙත් පිරිත් සජ්ඣායනා කර සියලු
දෙනාගේ ගෙලට පිරිත් නූල් පැලඳවීමෙන් අනතුරුව
මෑණියන් විහාර මන්දිරයෙන් නික්ම යන ලදී. දැන් සියලු
දෙනාම පුන පුනා බලා සිටින්නේ තමන් පෙළෙන කායික
හා මානසික පීඩාවන්ගෙන් මිදීමේ අධිෂ්ඨානයෙන් මෑණියන්
හමුවීමටය. සුන්දර රාත්රියේ නවය පසු වී විනාඩි පහක් පමණ ගත වී
තිබුණි. ආරාමයේ ධර්මශාලාව තුළ රැස්ව සිටි මහ පිරිසක් අතරින්
කාන්තාවක් ක්ලාන්තව බිම දිගා වී සිටින ආකාරය මටද
දැකගත හැකි විය. ඇය වටකරගෙන තවත් කීප දෙනකු ඇය
දෙස මහත් ඕනෑකමින් බලා සිටින ආකාරයද මට දක්නට
ලැබුණි. පෙනුමෙන් නම් ඒ අය දමිළ පිරිසක් බව ඕනෑම
කෙනකුට අවබෝධ කර ගැනීමට අපහසු නොවීය.
රාත්රී නවයයි දහය පමණ වන විට සුදුවතින් සැරසුණු මෑණියන් විහාර
මන්දිරයට පැමිණ දහසකුත් බලාපොරොත්තු අතරින් පැමිණි
නොයෙක් රෝගීන් සුවපත් කිරීම අරඹන ලදී. එවිට එක්වරම
“අනේ මෑණියනි, අපේ දුවට ටිකක් අමාරුයි. ඉක්මනට
මොනවා හරි කරන්න. ඔබ වහන්සේට බුදුබව ලැබේවි” යනුවෙන්
මා මුලින් සඳහන් කළ කාන්තාවගේ මව යැයි සිතිය හැකි
කාන්තාවක් මෑණියන්ගේ දෙපාමුල වැඳ වැටී හ¾ඩමින්
පවසන ආකාරය බලා සිටි සියලු දෙනාගේ හදවත් කම්පා කරන
දර්ශනයක් විය. ඒත් මෑණියන්ගේ පිළිතුර වූයේ “කලබල වෙන්න
එපා. එයිට නිදහසේ ඉන්න අරින්න” යනුවෙනි. එසේ පැවසූ
මෑණියන් අනෙකුත් රෝගීන්ගේ කරුණු විමසමින් ඔවුන්
එකිනෙකා සුවපත් කරන ලදී. කිහිප දෙනකු සුවපත්
කිරීමෙන් අනතුරුව “දරුවනේ අර ලෙඩාව මෙහාට ගනිල්ලකෝ,
බලන්න” යනුවෙන් මෑණියන් පැවසීය. මෙම කාන්තාව
මෙතැන් පටන් රාණි ලෙස අපි හඳුන්වමු.

මෑණියන් එසේ පවසනවාත් සමගම ක්ලාන්තව නිදා සිටි
කාන්තාව “මට නම් යන්න බෑ මම යන්නේ මගේ කෙල්ලවත්
අරගෙන” කියා කෑ ගසමින් වැනි වැනි පැමිණ මෑණියන්
ඉදිරිපිට ඇද වැටුණි. ඇගේ කෙස් වැටියෙන් අල්ලාගත්
මෑණියන් “උඹ මේ දරුවා අතහැරලා යනවාද?” යැයි ඇසීය. එවිට
රාණිගෙන් ලැබුණු පිළිතුර වූයේ “මට නම් බෑ... මේකි තමයි මට
සැලකුවේ... ඉතින් මම කොහොමද මගේ කෙල්ලව
අතඇරලා යන්නේ.”
මෑණියන් : හා කියපන් බලන්න උඹ මේ කෙල්ලගේ කවුද
කියලා.”රාණි : තාත්තා, තාත්තා මම මේකිගේ තාත්තා.
මම රටකජු විකුණලා තමයි මගේ දරුවන් හදා වඩා ගත්තේ. මට
දරුවෝ පස් දෙනෙක් ඉන්නවා. ඒ වුණාට මට සැලකුවේ මගේ රාණි
කෙල්ල විතරයි. ඒ හින්දා මට මේකිව දාලා යන්න බෑ.”
මෑණියන් : ඉතින් පුතේ උඹ මේ දරුවට ආදරෙයි නම් මේ දරුවව
ලෙඩ කරලා හරියන්නේ නෑනේ. එහෙම කරලා උඹ තවත් පව්
පුරවාගෙන ඔය ආත්මෙ දික්කර ගන්න එකනේ කරන්නේ.

කොහොමද උඹට ඔය ආත්මෙ හොඳයිද?
රාණි : අනේ මැණියනි,
මොන හොඳක්ද. දැන් අවුරුදු 17 ක් තිස්සේ මම
ඉන්නේ බඩගින්නෙ. මට කන්න ඕනේ.”
මෑණියන් : හොඳයි උඹට ඕනේ දේවල් මම කන්න දෙන්නම්.
උඹ මේ දරුවගෙ ලෙඩ සේරම සුවපත් කරලා අයින් වෙනවද?”
රාණි : අනේ මෑණියනි, මට මෙතන ඉන්න බෑ. මාව
පිච්චෙනවා. මට ඉක්මනට කන්ඩ දෙන්න. මම මෙතනින්
යන්නම්.”
මෑණියන්: ඔය කන්න සකස් කරපු දේවල් මෙහාට
ගෙනෙල්ලකෝ බලන්න”
පෙරදිනක මේ අමනුෂ්ය ආත්මය කන්නට ඉල්ලූ සියලු
දේ සකසා රාණි ඉදිරිපිටින් තබන ලදී. “හා ඔන්න
තියෙනවා කාපන්. උඹට ඕවා කැපයි” මෑණියන් පවසනවාත්
සමගම මහ හයියෙන් හිණාවුණු රාණි ඒ ආහාර කන්න පටන්
ගත්තේ කිසි දිනක ආහාර නොදැක්කකු ලෙසය. ඉදුණු කටු
අනෝදා ගෙඩියක් අතින් කඩාගෙන මුළු මුහුණ පුරාම
තවරාගෙන කාපු ආකාරය මතක්වන විට මට නම් කටු
අනෝදා කෑම සදහටම එපා විය. අනෙක් ආහාරද ඇය අනුභව
කළේ නියම ප්රේතයකුගේ ස්වභාවය විදහා පාමින්ය. ඒ ආහාරය අනුභව
කිරීමෙන් අනතුරුව “කොයි මට රට කජුයි, සීනියි ගෙනත්
දීපල්ලා” යැයි රාණි විසින් හඬනගා ඉල්ලන ලදී.
කුඩා වංගෙඩියකුත්, මෝල් ගහකුත් සමග සීනිත් රටකජුත්
රාණිගේ අතට ලබාදුන් අතර මහල්ලකු බුලත් විට කොටන
ආකාරයට බොහෝම අපූරුවට කොටමින් ඒවාද අනුභව කරන ලදී.
“මම ඉන්න කාලේ රටකජුයි, සීනියි කොටලා කන්න හරි
කැමැතිය” යනුවෙන් මේ අතර රාණි පැවසීය.

මෑණියන් : උඹ දැන් හොඳට කෑවා බිවනේ. දැන් ඉතින් ඉස්සර
වෙලා මේ දරුවගෙ සියලු ලෙඩ සුවකරලා දරුවගෙ ශරීරයෙන් අයින්
වෙයන්. අද ඉඳලා තුන්මාසයක් ගතවන්නට මත්තෙන්
අටපිරිකර පූජාවක් සිද්ධ කරලා මම උඹට පිං දෙනවා. උඹ ඔය
ආත්මෙන් අත මිදිලා සුගතිගාමී තැනකට පලයන්. උඹ
යන්න කලියන් ඔය ප්රේත ආත්මයේ ඉපදෙන්න කරපු
අකුසලය මොකක්ද කියපන්කෝ. මේ ඉන්න අයටත්
දැනගන්න, රාණි : “අනේ මෑණියනි, මම ඉන්න
කාලේ මේ දරුවන් ‍පෝෂණය කරන්න දුක් වින්දා මිසක්
පිනක් දහමක් කරන්න බැරිවුණා. මට දැන් තමයි
තේරෙන්නේ මම පිං කරපු නැති එකේ විපාකය. අද මම
මේ දුක් විඳින්නේ ඒ නිසයි.”

මෑණියන් : උඹ ඉන්න කාලේ පන්සල් එහෙම ගියේ නැද්ද?”
රාණි : ආනේ මෑණියනේ මට පන්සල් යන්න වෙලාවක්
කොහෙද? මුන් වෙනුවෙන්ම හම්බ කරා මිසක්.”
මෑණියන් : හොඳයි, හොඳයි ඉතින් උඹලා කරපු පව් උඹලම
විඳින්න එපායැ. දැන් ඉතින් උඹ මේ දරුවව සුවපත්
කරලා මේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනේ.”
ඉන් අනතුරුව රාණි තම පියා ලෙස හැසිරෙමින් තම බිරිඳටත්,
දරුවන්ටත් ළඟට කතා කරමින් “අනේ පුතේ මම අද යනවා.
උඹලා හොඳින් ඉඳපල්ලා” කියා අඬමින් තම දරුවන්ගේත්,
බිරිඳගේත් හිස අතගාමින් වැළපෙන්නට විය. මේ දර්ශනය දුටු
බොහෝ දෙනකුගේ දෙනෙතින් ගැලූ කඳුළු බිඳු කම්මුල්
දිගේ පහළට වැටුණු ආකාරය මම දුටුවෙමි.

 මෑණියන් විසින් පිරිත් කියා මුහුණට පිරිත් පැන් ඉසීමෙන් අනතුරුව රාණිට පියවි සිහිය ලැබුණි. පසුව මෑණියන් ඉතා කරුණාවෙන් “මගේ පුතාට දැන්කොහොමද?” යැයි රාණිගෙන් විමසීය. “අනේ මෑණියනි,
මගේ ඇඟට දැන් පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා. අවුරුදු
17 ක් මුළුල්ලේ මම වින්ද වේදනා අපමණයි. මට දැන්
හොඳටම සුවයි. ඔබ වහන්සේට බුදුබව ලැබෙන්න ඕන” කියමින්
රාණිත්, රාණිගේ පවුලේ සියලු දෙනාත් සතුටු කඳුළු වගුරවමින්
මෑණියන්ගේ දෙපාමුල දණින් වැටී නමස්කාර කරන ලදී.
අනතුරුව පැමිණ සිටි සියලු දෙනා අමතා මෑණියන්
පැවසුවේ 

“අපේ මිනිස්සු මුළු ජීවිත කාලය පුරාවටම වෙහෙසෙන්නේ.
දුක් විඳින්නේ දාලා යන දේවල් එකතු කරන්නයි, අඹු
දරුවන්, ඉඩකඩම්,වතුපිටි,මිල මුදල් මේ සියල්ල කෙදිනක
හෝ අප අතහැර යා යුතුයි. නොයෙකුත් දුක් ගැහැට විඳිමින්
ආශාවෙන් රැස් කරන මේ වස්තූන් අතහැර යාම මරණාසන්න
මොහොතේදී හැමෝටම මහා දුකක්. වේදනාවක්. එම හේතුව නිසාම
මරණින් පසු සතර අපායේ උපත ලබනවා. ඉන් මිදීමට නම්
දාලා යන දේ නොව රැගෙන යන දේ රැස් කිරීමට උත්සාහ කළ
යුතුයි. සියලු ආශාවන් දුරුකොට වැඩි වැඩියෙන් කුසල් දහම් කළ
යුතුයි” මෑණියන් කරුණාබර හදවතින් පැවසීය.මෙය සත්ය කතාවක්
වන අතර මෙහි සඳහන් වන නම් ගම් පමණක් මනඃකල්පිතය.

04.”කව්ද මේ ශරීරය ඇතුලේ ඉන්නේ?”
”ඇයි අහන්නේ? මාව පන්නන්නද අහන්නේ?”

  මේ කතාව ලියන්නේ දරු සම්පත් නොලැබී ලක්ෂ ගණන්
වියදම් කරමින් වෙහෙසෙන සමහර තරුණ විවාහක අඹුසැමියන්
වෙනුවෙනි.
මේ ජයවර්ධනපුර කෝට්ටේ ආසන්න ගමක පදිංචි තරුණ යුවළකි.
සඳුන් හා දිලිනි විවාහ වී වසර දෙකකි. දිලිනි නිතර සෙම්
රෝගවලින් පෙළෙන්නට වූවාය. ඇඟ සීතල කිරීම, විටින් විට
ශරීරය ගැහෙන්නට වීම, අතපය වෙව්ලීම හා රුදාව ඇගේ රෝග
ලක්ෂණයන් විය. මේ අතර දරු සම්පත් අහිමිවීම ද ඔවුන්ට
මහත් වේදනාවක් ඇති කැරවීය.
දිලිනිත් සඳුනුත් විධායක ශ්රේණියේ රැකියාවල නියුතු වූවන් බැවින්
මේ රෝගාබාධවලින් මිදීමට අත දිග හැර වියදම් කරන්නට පසුබට
නොවූහ. වෛද්යවරුන් ගණනාවක් පසු පස ගිය ද ප්රතිකාරවලින්
සුවයක් නොලද අතර ඔවුන් කීවේ දිලිනිට රෝගයක් නැති බවය.
බැරිම තැන ඉහළම පැළැන්තියේ විශේෂඥ වෛද්යවරයෙකු සොයා ගියේය.

පරීක්ෂණ ගණනාවක් සිදු කොට ඒ පරීක්ෂණ වාර්තාවලින්
අනාවරණය වූයේ දිලිනිගේ පැලෝපීය නාල හරහා වැඩි ඩිම්බ
ප්රමාණයක් ගමන් කරන බැවින් ඒ නිසා එකක්වත් එයින්
සාර්ථකව නොමෝරන බවය. ඒ නිසා ඩිම්බ එකක් දෙකක් ඉතුරු
කොට වැඩි ඩිම්බ ප්රමාණ පුච්චා දමන වෛද්ය ප්රතිකර්ම
පිළිවෙළක් ආරම්භ කළේය. ඒ සැත්කම
සඳහා එක්තරා සඳුදා දිනයක පෞද්ගලික රෝහලකට ඇතුළත්
කරන ලෙස නියම කැරිණි. ඔවුන් දෙදෙනා ඊට ද අවශ්ය
කටයුතුවලට සූදානම් වෙමින් සිටියහ.
මේ අතර දිලිනිගේ මව්පියන් සිය දියණිය වෙනුවෙන් බෝධි
පූජා පවත්වන්නට වූහ. ඒ දියණිය ගේ සැත්කම සාර්ථක වන
ලෙසටය.

දිනපතා බෝමළුවට යන මේ මව්පියනට බෝමළුවේ දී හමු වූ
කෙනෙකු සමඟ සතුටු සාමීචියේ යෙදෙන අතර ඔහු
මොවුන්ගේ විස්තරය අසා ඔහු “පියවි ඇසින් ඔබ්බටට” ලිපි පෙළ
ගැන තොරතුරු පැවසීය. මව්පියෝ වහාම ක්රියාත්මක වූහ.
දිලිනිගේ සැත්කමට තවත් දින දොළහක් පමණ තිබුණු
බැවින් ද සැත්කම සඳහා නියමිත මුදල් අදාළ රෝහලට
තැන්පත් කැර නොතිබුණු බැවින් ද මේ මව්පියන්ගේ උත්සාහයට
ද එකඟ වූහ. සැත්කම් දිනය තව දෙසතියක් කල්
ඉල්ලා ගත්තේය.
නියමිත දිනයේ මව්පියන් සමඟ මේ දෙදෙනා ගුප්ත ගවේෂණ
මධ්යස්ථානය කරා ගියහ. ගමන් ආරම්භ කළ මොහොතේ පටන්
නොයෙක් බාධා මතු වුවද දිලිනි හා සඳුන් අතර නිකරුණේ මත
ගැටුම් ඇති වුවද ඒවා ද ගුප්ත බලයකින් කරන දේවල් විය
හැකි බැවින් ඉවසා කල්පනාවෙන් මේ ගමන යමුයි මේ මව්පියන්
ඔවුන් දැනුවත් කළහ. දිලිනි ගුප්ත ගවේෂණ මධ්යස්ථානයට
ගිය මොහොතේ පටන් ඉකිබිඳින්නට වූවාය.
තම වාරය එළඹ මධ්යස්ථානයට ඇතුළු වන විටම විලාප දී
හඬා වැළපෙන්නට විය.

”මොකද මොකද මේ?” ගවේෂකවරයා ප්රශ්න කළේය.
දිලිනි ඔහු දෙස රෞද්රව බැල්මක් හෙළුවාය.
”කව්ද මේ ශරීරය ඇතුලේ ඉන්නේ?”
”ඇයි අහන්නේ? මාව පන්නන්නද අහන්නේ?”
”කව්ද එහෙම එකක් දැන් කිව්වද?”
”මම දන්නවා ලැහැස්ති වෙනකොට”
”මේ.. මේ.. අපිට තමුන්ව පන්නා දමන්නත් පුළුවන්.
දැඩි දඬුවම් ලබා දෙන්නත් පුළුවන්.
තමුන්ට ඔයිට වඩා හොඳ යහපතක් කර දෙන්නත් පුළුවන්.
හොඳින් නම් හොඳින් නරකින් නම් නරකින්. ඒත් පුළුවන්.
දැන් මට කියන්න ඕනෑ තමුන් කව්ද කියලා.”
”මං මේ දැරිවිට නරකක් කරන්න ආපු කෙනෙක් නොවෙයි
දැරිවිට ආදරෙන් ඉන්න කෙනෙක්.”
”හරි.. හරී.. කව්ද මේ?”
”මම මේ දැරිවිගෙ ආච්චි, මේ ඉන්නේ මගේ රත්තරන් දුව“ යැයි
දිලිනිගේ මවට ද අත දිගු කොට පෙන්නුවාය.
”ඇයි ඉතින් මේ ළමයගෙ ඇඟට රිංගාගෙන ඉන්නේ?”
”ආදරේට. ආදරේට. මේ දැරිවිට මම ආදරේ නිසා”
”ඇයි මේ ළමයට ලෙඩ කරන්නේ?”
”මහත්තයා මේ දැරිවි මං ජීවත්ව ඉන්දැද්දි මට හරි ආදරෙයි.
දැනුත් ආදරෙයි. ඉතින් මමත් ආදරෙයි. මෙයාට දරුවෙක්
ලැබෙනවට මම කැමති නෑ”
”ඇයි ආච්චි අම්මා අකැමැති මිණිබිරීට දරුවෙක් ලැබෙනවාට?”
”දිලිනිට දරුවෙක් ලැබුණොත් මට තියෙන ආදරේ නැතුව යාවි.
මාව අමතක වේවි. ඒ හින්දා ම දිලිනිට දරුවෙක් පිළිසිඳ
ගන්න එක වළක්වනවා. බාහිර කෙනෙකුට එන්න
දෙන්නෙ නෑ. මම පන්නා ගන්නවා.”
”ආච්චි අපායෙ යන්නමයි හදන්නේ. ආච්චිට වෙනම අපායක්
හදනවා අන්න එහේ” ගවේෂකවරයා හිනාවෙමින් පැවසීය.
”ඒ කොහොමද මම හතර පෝයට සිල් ගත්තානෙ”
”ඒ වුණාට මේ කරන්නේ ප්රාණගාත අපරාධයක්නෙ”
”ඒ කොහොමද?”
”කර්මානුරූපව උපදින්න එන ගන්ධබ්බයෙකුට උපදින්න
නොදී වළක්වන එක අපරාධයක් නේන්නම්”
”හැබෑද?”
”හැබෑ තමයි අපි දැන් ආච්චිව පන්නනවා. ආච්චි එහෙනම්
අපායට යන්න…”
”අනේ බෑ.. අනේ බෑ.. මට එහෙනම් දිව්ය ලෝකෙ යන්න ඕනෑ”
”ආච්චිගෙත් තියෙන්නේ පුදුම තණ්හාවක්. හොඳයි හොඳයි ආච්චිට
එහෙනම් සාංඝික දානයක් දීලා පින්දෙන්න කියලා මම
දිලිනිට කියන්නම්”
”ම්.. ම්… ඒත් එපා මහත්තයා දැරිවිට කරදර කරන්න එපා.
ඔය හිඟන්නො හත් අට දෙනකුට කෑම ටිකක් දෙන්න
කියන්න. හැබැයි කැකුළු බතුයි පරිප්පු, පොල් සම්බෝලයි ඒ කෑම
පාර්සලේට අනිවාර්යයෙන්ම අඩංගු වෙන්න ඕනෑ”
”හොඳයි දැන් එහෙනම් මේ ශරීරයෙන් පිටවෙලා යන්න”
”හොඳයි එහෙනම් අර දානෙ හිඟන්නන්ට දෙන්න කියන්න.
මම යනවා.”
”කොහේද දැන් යන්නෙ?”
”කෝට්ටෙ නා බෝධිය ළඟට යනවා. මම එතැන වතාවත්වලට
උදව් වෙවී ඉන්නම්. දානෙ දීලා එතැනට ඇවිත් බෝධි පූජාවක්
තියන්න කියන්න. එතකොට මම මීට වඩා ඉහළට යනවා. ඊට
පස්සෙ බෙල්ලන්විල බෝධිය ළඟට යනවා.” යැයි කියමින් භූතාත්මය
සිරුරෙන් ඉවත් විය.

”මගේ අම්මා ජීවත්ව ඉන්දැද්දිත් පරිප්පුයි පොල් සම්බෝලයි
කන්න හරි ආසයි” යැයි දිලිනිගේ මව පැවසුවාය. පසු දින ම
හිඟන්නන්ට දානය දී හැන්දෑවට බෝධි පූජාව තබන බව ද ඔව්හු
පැවසූහ.

බෝධි පූජාව සමඟ පලතුරු පූජාවන් ද තබන ලෙස උපදෙස්
ලැබුණි.

කෙසේ නමුත් නියමිත සැත්කමට දින තුනකට පෙර
දිළිනිත් සඳුනුත් වෛද්යවරයා හමුවීමට ගියහ. ඔවුන් ගියේ එදිනම
රෝහලට නියමිත ගාස්තු බැඳීමට ද සූදානම්වය.
වෛද්යවරයා දිලිනි පරීක්ෂා කළේය.

”ඕගොල්ලෝ ලකී. වයිෆ්ගෙ බඩේ දැන් බබෙක් පිළිසිඳලා සති
හතරක් වෙනවා. දැන් ගෙදර යන්නැ”යි වෛද්යවරයා සිනාසෙමින්
සඳුන් දෙස බලා කීවේය.
අද හුඟ දෙනකුට ගන්ධබ්බයන් පිළිබඳ හරි අවබෝධයක් නැත.
බටහිර ක්රමයෙන් ඒ පිළිබඳ වැඩි සැලකිල්ලක් දක්වන්නේ ද
නැත.




 05.අපායෙන් ගැලවී විත් මහණදම් පිරූ තරුණයෙක් 
(මීතිරිගල වන සෙනසුනේ සිදුවූ සිදුවීමකි.)

මිනිස් සිතේ ස්වභාවය සිතුවිලි ගොඩ නැඟීමයි. මිනිසා අවදිව සිටින
සෑම මොහොතක් පාසාම අතීතය හෝ අනාගතය සම්බන්ධ කැරගෙන
සිතේ සිතුවිලි ගොඩනඟයි. අතීතයේ පංචේන්ද්රියයන් පින වූ අවස්ථාවන්ට සම්බන්ධ ආශාව,
තණ්හාව මුසු ඇලීමේ සිතුවිලි ද තරහව, ද්වේෂය මුසු ගැටීමේ සිතුවිලි
ද මොහොතක් පාසා සිතේ ගොඩනැඟේ.

එසේ ම ඇලීම හා ගැටීම මුසු සිතුවිලි අනාගතය සඳහා ද
සිතේ ගොඩ නැඟේ. මිනිසා උපන්දා සිට මියෙන තෙක් ම සිදු
කරන්නේ එසේ සිතුවිලි ගොඩනැඟීම ය.
මේ බොහෝ දෙනෙක් “මේ දැන්” කියන මොහොත ගැන නොසිතති.

සිතුවිලි ගොඩ නැඟීම යනු කර්ම රැස්කිරීමයි. ඒවා කුසල කර්ම
හෝ අකුසල කර්ම විය හැකිය. ඊට අනුවම විපාක යෙදේ. මේ එවැනි
කර්ම විපාකයක් ගෙවන පුද්ගලයකු පිළිබඳ කතාවකි.
මීතිරිගල නිස්සරණ වන සේනාසනය අක්කර පන්සියයක් පමණ
විශාල වූ වන ගහනයක් මැද පිහිටි පුණ්ය භූමියකි.
එකකට එකක් නොපෙනෙන තරම් දුරින් පිහිටි කුටිවලට වී
භාවනා කරන යෝගීහු මේ සිත එක අරමුණකට ගෙන බැඳ
තබා සමාධි සුවයක් විඳීන්නට උත්සාහ කරති.
සිතුවිලි ගොඩනැඟීම් වශයෙන් තව තවන් කෙලෙස් රැස්කිරීම නතර
කරන්නට උත්සාහ කරති.

සේනාසනයේ කි්රයාත්මක වන කාලසටහන සිහිපත් කරමින්
“ගෙඩිය” ගසා හඬ නංවන වාර ගණන අනුව මේ අවදිවීමටය.
මේ වත සඳහාය. මේ භාවනාවය, මේ දානය සඳහා පිණ්ඩපාත
යේ යෑමටය, මේ ගිලන්පස සඳහා දන්ශාලාව වෙත යෑමටය ආදී
වශයෙන් යෝගීහු ඒ ඒ සංඥාවන් හඳුනාගෙන ඊට අනුව
කි්රයා කරති.
කතා කරමින් කාලය නාස්ති කිරීමද කෙලෙස් ගොඩ නැඟීමක්
බැවින් නිශ්ශබ්දතාවයද භාවනාවේ දියුණුව සඳහා අවධාරණය කැර තිබේ.
එසේ වුවත් යෝගී භික්ෂූන් වහන්සේ ඉඳහිට ධර්ම කාරණා පිළිබඳ
සතුටුසාමීචියේ යෙදෙන අවස්ථා ද ඇත. දිනක් එවැනි ස්වාමීන්
වහන්සේ කීප නමක් කර්මය හා කර්ම විපාකය පිළිබඳ
සාකච්ඡා කරමින් සිටියහ.

”කර්මයට අනුව විපාකය ලැබේ නම් ඊට යම රජකු හා යමපල්ලන් මැදිහත් වන්නේ කුමටදැයි මට ගැටලුවකැ”යි එක්
ස්වාමීන්වහන්සේ නමක් පවසති.
”කර්ම විපාක ගෙවන්නට තිබේ නම් යම් කෙනකුට වේදනාව
ලබා දෙන්නට තව කෙනෙක් පහර දෙති. තුවාල කරති.
කෙනෙක් පිහියෙන් ඇන මරා දමති. මැසි මදුරුවන් පනුවන්
නිසා ලෙඩ රෝග වැළඳෙති.
එහිදී පුද්ගලයකුට තවත් පුද්ගලයකුගේ කි්රයාකාරකම් වලට
ලක්වීමට සිදුවෙයි. එසේම පේර්තයන්, යක්ෂයන් නිසා මහ රහතන්
වහන්සේට පවා පීඩා සිදුවූ බව ති්රපිටකයේ සඳහන් වෙයි.
ඒ නිසා යම රජෙක් හා යම පල්ලන්ගේ් සම්බන්ධය තිබිය හැකියැ”යි
තවත් ස්වාමීන්වහන්සේ නමක් පැවැසූහ.
”කර්මයට අනුව කර්ම විපාක ගෙවීමට සිදුවීම අවබෝධ කරවන්නට
යම රජකු හා යම පල්ලන් ඉදිරිපත් කිරීමෙන්
මිනිසා අකුසලයෙන් මුදවා ලිය හැකි බැවින් මේවා නිර්මාණ විය
නොහැකිදැ”යි තවත් හිමි නමක් අදහස් දක්වති.
යම රජු හා යම පල්ලන් පිළිබඳ කියන කතා අසා සිටිමින් ඒ
පිළිබඳ ගැඹුරින් සිතූ තවත් භික්ෂූන් වහන්සේ නමක් අඬන්නට
වූහ.

භාවනාවෙන් යම් තරමකට දියුණු කළා වූ සිතක් ඇති
උන්වහන්සේට ස්වකීය අතීතය සිතුවම් පොටක් සේ දිස්වන්නට වීය.
උන්වහන්සේ ඒ පිළිබඳ විස්තර කළේ මෙසේය.
”මං මේ ආත්මයට පෙර ආත්මයෙන් එහා ආත්මයේ ටිකක්
බලපුළුවන්කාරයෙක් ලෙස තමයි ඉපදිලා හිටියේ. පන්සිල් පද
පහම ආරක්ෂා කළේ නෑ. තුන්වැනි සිල්පදය බහුල වශයෙන් ම
කැඩුවා.

සත්ත්ව හිංසාවෙත් යෙදුණා. අනුන් සතු සම්පත් බල
පුළුවන්කාරකමෙන් අයිති කැරගත්තා. මේ වගේ වැරදි
වැඩවලින්ම ජීවත් වුණා මිසක කුසලයක යෙදුණේ ම නෑ.
මෙහෙම ජීවත් වෙන අතරේ දවසක් ගමනක් යන කොට විශාල
දුර්ගන්ධයක් මට දැනුණා. ඒක කොයි තරම් අප්රසන්න ගඳක්
ද කියනවා නම් ඒ ගඳ මොකක්ද කියා බලන්න තරම් හිතුණා.
මම නාසය වසා ගෙන ඒ ගැන හොයා බැලුවා. විශාල ඌරුමීයෙක්
මැරිලා කුණුවෙලා. ඒ මී කුණෙන් චිරි චිරි ගා පණුවන්
මතුවෙනවා යට යනවා. කොයි තරම් නාසය වසාගෙන සිටියත් ඒ ගඳ
දැනෙනවා.

දැන් ඇස් දෙකෙනුත් දැක්කා. හරි ම අප්රිය යි. ඒ වෙලාවේ මට
කවදාවත් නැති අමුතු ම නුවණක් පහළ වුණා. (අසුබ භාවනාව)
කොයිතරම් සාත්තු කළත් මගේ ශරීරයත් මේ වගේ නේද? කවදා හරි
මේ වගේ මළොත් කුණුවෙලා ගඳ හමනවා නේද? පණුවන්
ගසනවා නේද? මේ ශරීරය දුර්වල වීම, වයසට යෑම, ජරාවට පත්වීම මට
වළක්වන්න බැහැ නේද? එහෙම නම් මේ ශරීරය මගේ යැයි
කියන්නේ කොහොමද? මේක හරිම දුකක්.
මම මහණ වෙන්න ඕනෑය කියා අධිෂ්ඨාන කැර ගත්තා. ඒ
වුණාට ඒ ආත්මයේ මම මහණ වුණේ නෑ. එහෙම
ඉඳලා කාලෙකට පස්සෙ මැරුණා.
මැරුණාය කියන්නේ , මට කතා කරගන්න බැරි වුණා.
පංචේන්ද්රියයන් අකී්රය වුණා. ලොකු මහත බටයක් වගේ එකක්
ඇතුළෙන් මාව දිගට ඇදිලා ගියා. ඒ බටයෙන් එළියට ආපු
තැන දෙන්නෙක් මාව දෙපැත්තෙන් අල්ලාගෙන ඉදිරියට
එක්කගෙන ගියා.

එතැන අඩි පහළොවක් විතර උස ආසනයක යම රජ්ජුරුවෝ වාඩිවෙලා හිටියා. දකින කොටම මේ යම රජ්ජුරුවෝය කියා මට වැටහුණා. ඔහු යටිකයට සුදු වේට්ටියක් ඇඳගෙනයි හිටියේ.
”ආ.. මනුස්ස ලෝකයේ ඉන්න කොට හුඟක් පව් කරලා තියෙනවා නේද?” කියා යම රජ්ජුරුවෝ මගෙන් ඇහුවා. ඒ එක්ක ම මම කළ පව් චිත්රපටයකින් වගේ මට මැවි මැවී පෙනෙන්නට ගත්තා.
ඒවා දකින කොට ම මා වැරැදි කාරයා වෙලා ඉවරයි නේද
කියා හිතින් අන්තිමට ම අසරණ වුණා. ඒ අසරණවීම හෘදය
සාක්ෂියත් එක්ක ම සිදුවන ගැඹුරු අනුස්මරණයක්.
පශ්චාත්තාපයක් වගේ දෙයක්. 

එතැනට ටිකක් එහායෙන් ලොකු තාප්පයක් තිබුණ. ඒ තාප්පයට එහා පැත්තේ විශාල ගින්නක් බුර බුරා ඉහළ නැඟෙනවා. ඒ වගේ ම ඒ පැත්තේ විශාල පිරිසක් දැවි දැවී විලාප දෙනවා ඇහෙනවා.
ඒ තාප්පයට ඉහළින් නැඟෙන යෝධ ගිනි දලු සුළඟට මේ පැත්තටත් එනවා. අප සිටි තැනටත් එනවා. ඒත් මේ පැත්තට ආවාම ඒ ගිනි දලුවල උණුසුමක් නෑ. උණුසුම තියෙන්නේ තාප්පෙන් එහා පැත්තට විතරයි.
තාප්පෙන් එහා පැත්තේ තියෙන්නේ නිරය. ඒ නිරයේ වැටුණු අය
තමයි අර විලාප නඟමින් දුක් විඳිනවා ඇහෙන්නේ කියලා මට වැටහෙනවා. යම රජ්ජුරුවෝ හරිම කරුණාවන්තයි.

කරුණාවෙන් මා දිහා බලා සිටිනවා. මම කළ පව් මැවි මැවී
පෙනෙන අතරේ අර මී කුණ දැකපු සිද්ධියත්, මහණ වෙන්න
කළ අධිෂ්ඨානයත් මට මතක් වුණා. මෙතනින් නිදහස්
වුණොත් නම් මහණ වෙනවා මහණ වෙනවාමයි කියා ඒ වෙලාවේ මට
හිතුණා. (යම රජු රතු සළුවක් හැඳ සිටියොත් අනිවාර්යයෙන් ම නිරයට
යන්න සිද්ධ වෙනවාලු.) එතකොට යම රජ්ජුරුවන්ගේ මුහුණේ මඳ සිනහවකුත් නැඟුණා.
”කුසලකුත් කළා නේද?” කියලා යම රජ්ජුරුවෝ එක පාරටම ඒ
වෙලාවේ මගෙන් ඇහුවා. ”තමුන්ට තවම කල් තියෙනවා” කියා නැවත යම රජ්ජුරුවෝ ප්රකාශ කළා. එතකොට ම මා නැවතත් අර නළය
දිගේ ආපහු ආවා. ඒ නළය දිගේ එනකොට තව දෙදෙනෙක්
මුණ ගැහුණා.
”ආ.. එහෙම කොහොමද? එහෙම නම් අපිත් ඉන්නවානෙ”යි ඒ
දෙන්නා කියනවා ඇහුණා. මම නිදහස් වී එන හැටි දැක ඔවුන්
එසේ කීවේ එතැනත් ඊර්ෂ්යාව හා තණ්හාව තියෙන තැනක් බව මට
වැටහුණා. මම ඒ නළය දිගේ ඇවිත් කෑගල්ලේ අම්මා කෙනකුගේ කුසක පිළිසිඳ ගත්තා.

ඉපදුණාට පස්සේ මම හරියට දුක් වින්දා. අනුන්ගෙන් ඉල්ලාගෙන කන තත්ත්වයට පත්වුණා.වැඩි දුර ඉගෙන ගන්නත් බැරි වුණා. ජීවත් වෙන්න බැරි ම තැන බේකරියක වැඩට ගියා. දර පළන්න ඕනෑ. දහදිය පෙරා ගෙන දර පළනවා. ඊළඟට පෝරණුවට දර දමා ගිනි අවුළුවන්න ඕනෑ.
එතැන ඉඳල ගිනි රස්නෙත් එක්කමයි දවස ගෙවෙන්නෙත්.
රෑට නිදියන්නෙත් පෝරණුව ළඟ ගිනි රස්නෙත් එක්කමයි. සමහර
දාට හීනෙන් අර තාප්පයට එහා ගිනිදැල් පෙනෙනවා.
නිරයේ ගිනිදැල්වලින් බේරුණත් මෙතනදි යම් තරමකින් හෝ ඒ
දඬුවම විඳින්න සිද්ධ වුණා.
මේ බේකරියෙ පාන් අරගෙන බයිසිකලෙන් කඩවලට බෙදා හරින්න
වුණෙත් මට. මේ පාන් ගෙනියන එක කඩේක මුදලාලි
කාන්තාවක්. ලස්සනයි. මෙයා සමහරදාට පාන්වල සල්ලි
දෙන්න දවසක් දෙකක් පරක්කු කරනවා.
මේ ගෑනිගෙ සිරියාවන්ත පෙනුම නිසා මමත් දවස දෙක
පහුවෙලා සල්ලි ගන්නවා. මෙහෙම ඉඳලා මෙයා හිටි හැටියේ දවස්
ගණනක් මුදල් අත් හිටෙව්වා. පාන් ගෙනියන ප්රමාණයට
අනුව මුදල් බාර නොදෙන කොට මුදලාලි මට බණිනවා.
අන්තිමට මේ ගෑනි සල්ලි නොදෙන කොට ඒ කඩේට පාන්
දමන්න එපා කියා මුදලාලි මට කිව්වා. 
”උඹ කොහොම හරි ඒ
සල්ලි ඉල්ලගෙන එන්න ඕනෑ. නැත්නම් උඹේ පඩියෙන් කපනවා” කීවා.

දැන් අර ගෑනි වෙන පාන් කාරයකුගෙන් පාන් ගන්නවා.
මම ගියා ම මඟහරිනවා. මම යනවාටත් කැමැති නැහැ. දැන්
අර සිරියාවත් නැහැ. මුදලාලි මගේ පඩියෙන් කැපුවොත් මම
මගේ දුප්පත් අම්මව ජීවත් කරන්නේ කොහොමද කියලත් බය
හිතුණා.

එදා රෑ බේකරියෙ තිබුණු උල් පිහියක් හොයාගෙන ළඟින්
තියා ගත්තා. රෑ නිදියන කොට කොට්ටය යටින් තියා ගත්තා.
හෙට උදේ පාන් අරගෙන ගිහින් සල්ලි ඉල්ලනවා.
නුදුන්නොත් අර ගෑනිට මේ පිහියෙන්ඇනලා මරණවා කියලා හිතාගත්තා. පාන්දර පිහිය අතට අරගෙන පිහිය මිට තදින් අල්ලාගෙන අරකිගෙ පපුවට මේකෙන් දෙකක් අනිනවා” කියලා හිතට වෙර ගත්තා.
අන්න එතකොටම මට ආයෙත් අර අපායෙ ගිනිදැල්
පෙනෙන්න පටන් ගත්තා. මේ වතාවෙ නම් මම මහණ
වෙනවාමයි කියපු එකත් සිහිපත් වුණා. 
නිදි පැදුරෙ ඉඳල ම කල්පනා කළා. තවම මුදලාලිලා නිදි. මම බනිස් ගෙඩියක් කාලා උණුවතුර ටිකක් බිව්වා. තව බනිස් ගෙඩි දෙක තුනක් කඩදාසියක ඔතා ගත්තා. හෙමින් සැරේ පාරට බැස්සා. හැතැප්ම පහක් ම පයින් ගෙදරට ම ආවා. ඒ වෙනකොට මම අවුරුදු දහඅටක ඉලන්දාරියෙක්. එදා ගෙදර ඇවිත් පැය දෙක තුනක් නිදා ගත්තා.
නැගිටලා නා ගත්තා. ගෙදර තිබුණු සුදු සරොන් දෙකකුයි කමිස
දෙකකුයි අරගෙන කෙළින් ම ආරණ්ය සේනාසනයකට ගියා.
එතැනින් මේ මීතිරිගල සේනාසනයට ආවා. අම්මගෙනුත්
අවසර අරගෙන මහණ වුණා.

”ඔබ වහන්සෙ මොනවා කිව්වත් යම රජ්ජුරුවොයි යම පල්ලොයි ඉන්න බව මම නම් හොඳටෝ ම විශ්වාසයි. දැඩි අධිෂ්ඨානයෙන් හා වීර්යයෙන්
කටයුතු කළොත් ආනන්තරිය නොවන පාප කර්මවල විපාක
අඩුකර ගන්න පුළුවන්.කුසල ශක්තිය බලවත් වන විට අකුසල විපාක දුර්වල වෙනවා” යි ඒ හාමුදුරුවෝ පැවසූහ.

මතුගම මහින්ද විජේතිලක


06.බිරියගේ හොර මිනිහාගෙන් පළිගන්න ආ ප්‍රේතාත්මය


 සමහරුන් තමන්ගේ ධනය හා බලය යොදවා තවත් කෙනකුට පාඩුවක්, හානියක්, අපකීර්තියක් කරන්නේ එයින් සතුටක් තෘප්තියක් ලබන්නටය. එහෙත් එයින් පීඩාවට පත් පුද්ගලයා ඊට එකට එක කරන්නට, පළිගන්නට නොහැකිව වේදනාවෙන් මරණයට පත්වන්නේ අවස්ථාවක් ලද සැණින් පළිගනී. එයින් මිදීමට විවිධ උපායන් යෙදුවද ඒවා තාවකාලිකය. තමන්ට හිරිහැර කරන අමනුෂ්‍යයන් බැඳ ගඟේ මූදේ දමනවාය කීවත් තාවකාලිකය. ආරක්ෂා වෙනවාය කීවත් තාවකාලිකය. තමන් කළ අපරාධ, පාපය, තම මහසෙන් තැන්පත්ව තිබෙනතාක් කල් 'චක්කං - වහතෝ පදං" - ගොනා පසු පස එන කරත්ත රෝදය මෙන් අවස්ථාව ලැබෙන තුරු විපාකය පස්සෙන් එයි.


අංජානා කුරුණෑගල පදිංචි හතළිස් නව හැවිරිදි එක්දරු මවකි. ඇගේ සැමියා රණතුංග රජයේ රැකියාවක නියුතු විය. ඔහු සැර පරුෂ පුද්ගලයකු වූ බැවින් අංජානාත්, දහහත් හැවිරිදි දියණියත් නිහඬ ජීවිත ගෙවූහ. මේ අතර අංජානා රෝගී වූවාය. ඇය අංශබාග රෝගයෙන් මෙන් පැත්තක් පණ නැති වූවාය. නිතර පපුව රිදුම් දෙන්නට වූ අතර හීනෙන් බියවී කෑ ගසා ගෙන අවදි වෙන්නට වූවාය. වෛද්‍ය ප්‍රතිකාර ලැබුවද සුවයක් නොලැබුණ අතර අවිචාර විධිවලින් සහනයක් නොවීය.
'මව්බිම' පත්‍රයේ "මළවුන්ගේ හෝරාව" විශේෂාංගයේ පළවන ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගොස් බලන්නැයි අංජානාගේ ඥාතිවරියක දුන් උපදෙසක් අනුව රණතුංග අංජානා එහි කැඳවාගෙන ගියේය. දියණියද ගියාය. එහිදී අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා හමුවී ප්‍රතිකාර පැතීය.
පළමු දිනයේ අංජානා දිෂ්ටි ගැන්වී වැනෙන්නට පැද්දෙන්නට වූවාය. ඊට එහා දිෂ්ටි ගන්වන්නට තරම් ඇගේ ශැරීර සෞඛ්‍යය ශක්තිමත් නොවූ බැවින් භූතාත්මයේ බලපෑම තාවකාලිකව ඉවත්කොට දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා එන ලෙසත් මේ සති තුන භූතාත්මයෙන් කරදර නොවන බැවින් පෝෂ්‍යදායී ආහාර ගෙන ශක්තිමත්ව එන්නැයි උපදෙස් දුන්නේය.


ඊළඟට පැමිණි දිනයේ අංජානා නැවත දිෂ්ටි වී ආවාය. අඬන්නට පටන් ගත්තාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.
"කවුද මේ අඬන්නේ?"
"මට මතක නැහැ මහත්තයා."
"ඔබට මොනවද මතක?"
"වේදනාව.... වේදනවා... දරුණු වේදනාවක් වෛරයක් තමයි මගේ සිත පුරා පවතින්නේ?"
"ඇයි මේ නෝනගේ ඇඟට රිංගලා අසනීප කරන්නේ?"
"මුගෙන් පළිගන්න" යැයි රණතුංගට අත දිගුකොට පෙන්වූයේය.
"ඇයි මේ මහත්තයාගෙන් පළිගන්නේ?"
"මූ මහත්තයෙක්ද? මූ තිරිසනෙක්. බල්ලෙක්. මගේ ගෑනිත් එක්ක එකතු වෙලා මට ඇසිඩ් ගැහුවා."
"ඉතිං ඇසිඩ් ගහපු අයගෙන් පළිගන්න එපායැ. මේ නෝනට හිරිහැර කරන්නේ මොකද?"
"මම මේ ගෑනිට කෝල් කරලා කිව්වා මගේ ගෑනිත් එක්ක තියෙන රණතුංගගෙ සම්බන්ධය නතර කරන්න කියලා මෙයා ඒක කළේ නෑ. මෙයාගෙ ඇඟට ආවේ මුගෙන් පළිගන්න."


"මේ තමුසෙ බොරු කියන්න එපා. අපේ පවුල අවුල් කරන්න" යැයි රණතුංග සාකච්ඡාව මැදට පැන භූතාත්මයට කීවේය.
"අනේ.....! මගේ පුතෝ...! තෝ මාව අඳුනන්නෙ නැතුව වගේ. තොට මතකද තොගෙ වාහනේ හැපුණ."
"එහෙනං කියාපං ඒ වෙලාවෙ කවුද වාහනේ එළෙව්වෙ."
"යකෝ! ඒ වෙලාවේ වාහනේ එළෙව්වේ තොගෙ මෙන්න මේ දූ. මම ඉස්සරහින් ආපු බස් එකක් තොපේ ඇඟට කැපුවා. තොට මතක නැද්ද?" යි භූතාත්මය ඇසීය.
"ඒකනම් ඇත්ත තමයි" රණතුංගට කියැවිණි.


"ඒක ඇත්ත නම් අනෙක් ඒවත් ඇත්ත තමයි."
තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේය.
ඊළඟ දිනයේ අංජානාගේ පියාද, අයියාද ඔවුන් සමඟ පැමිණියහ.
මේ භූතයාගේ කතාවෙන් පවුලේ සමඟිය පළුඳුවන බව දත් ගවේෂකවරයා අංජානාගේ දියණියක් පමණක් සිටියදී අනෙක් තිදෙනා පිටතට යැවීය. ගවේෂකවරයා අංජානා දිෂ්ටි ගතවන්නට පෙර ඇගෙන් අතීත තොරතුරු විමසුවේය.


"මහත්තයා වෙන ගෑනියෙක් එක්ක සම්බන්ධයි. ඒ සම්බන්ධය නතර කරන්න කියලා නෝනට කවුරුවත් කෝල් එකක් දුන්නාද?"
"ඔව් කවුද කෙනෙක් එහෙම දෙයක් කිව්වා. අවුරුදු හතරකට විතර කලින්. ඒ එක්කෙනා මට තර්ජනය කළා උඹ උඹේ මිනිහව හදා ගනින්. නැත්නම් මරනව කියලා. අපේ මහත්තයා හරිම දරුණුයි. මම එයාට අවවාද කරන්න යන්නේ නෑ, ඒත් අපේ දුවට කරදරයක් වෙයි කියලා බයේ මම මහත්තයාට කිව්වා එහෙම දෙයක් තියෙනවානම් මේ දුවගේ නාමයෙන් නතර කරන්න කියලා. මම ඒක කිව්වැයි කියලා මහත්තයට කේන්ති ගිහින් මා එක්ක රණ්ඩු කළා. මට ගැහැව්වා. මම දවස් හයක් ඉස්පිරිතාලෙ නැවතිලා ප්‍රතිකාර ගත්තා. මෙයා හරිම දරුණුයි. මම දන්නෙ ඔන්න ඔය ටික විතරයි" ඇය කීවාය.
ගවේෂකවරයා පිටත සිටි තිදෙනාද ඇතුළට කැඳවා යළිත් අංජානා දිෂ්ටි ගැන්වීය. භූතාත්මය කතා කරන්නට විය.
"මූ මගේ පවුල විනාශ කළා. මගේ ගෑනිත් එක්ක යාළු වෙලා මට ඇසිඩ් ගැහුවා. මම මූව මරනවා මරනවාමයි. පළිගන්නවා පළිගන්නවාමයි."


"කොහොමද ඇසිඩ් ගැහැව්වේ?"
"දවසක් මම ගෙදර එනකොට මූ මගේ ගෑනිත් කාමරේ ඉඳලා. මම දන්නේ නෑ, මම එනකොට මූ ඇඳ යට හැංගිලා. මගේ ගෑනි එදා බොහොම ආදරෙන් මට තේ එකක් හදලා ගෙනැත් දුන්නා. ඒ තේ එක බීපු ගමන් මට නින්ද ගියා. ඒ වෙලාව රාත්‍රි අටට නවයට විතර ඇති. නින්ද ගිහින් හිටපු මට එක පාරටම මූණ පිච්චෙනවා වගේ දරුණු දැවිල්ලක් වේදනාවක් දැනුණා. මම කෑගහන කොට මුන් දෙන්නා මාව ඉස්පිරිතාලෙ අරගෙන ගියා. හොරු ඇවිත් ඇසිඩ් ගහලා දුවනවා දැක්කා. අඳුනාගන්න බැරිවුණා කියලා මගේ ගෑනි කිව්වා. පොලිසිය මූත් එක්ක හොඳයි. මම ඒකෙන්ම දුක් විඳලා මැරුණා. මූ මගේ ගෑනිව රට යැව්වා. මම මුගෙන් අනිවාර්යයෙන්ම පළිගන්නවා. මේ ගෑනි - අංජානා අහිංසකයි. මූ ගෑනිව බයකරගෙන ඉන්නේ. ඕවා ගැන කතා කළොත් උඹවයි ළමයවයි වෙඩි තියලා මරලා මාත් මැරෙනවා කියලා බයකරගෙන. මේ ගෑනි ළමයා ගැන හිතලා ඇඬූ කඳුළින් ජීවත් වෙනවා" භූතාත්මය කියද්දී "මුගේ අමූලික බොරු. භූතයෝ හරියට බොරු කියනවා"යි රණතුංග කීවේය.


"මට ඒ සිද්ධියේ ඇත්ත නැත්ත අවශ්‍ය නෑ. ඒ වගේ දෙයක් කළා නම් ඊට අදාළව ප්‍රතිඵල ලැබේවි. මගෙන් ප්‍රතිකාර බලාපොරොත්තු වුණ ලෙඩා මේ නෝනා. මගේ වගකීම ඇය සුවපත් කිරීම" යැයි කී
ගවේෂකවරයා භූතාත්මය ඇමැතීය.
"තමුන් මෙච්චර කල් දුක් වින්දේ ඔය දුක කියාගන්න බැරුවනෙ. දැන් හිත නිදහස්නෙ."
"ඔව් මහත්තයා මගේ දුක කියලා වේදනාව පිටකරගත්තා."
"දැන් මේ කාන්තාව ගැන හිතන්න. අනුන් කළ වරදකට මේ අංජානාගෙන් පළිගන්න එපා. ඒක ඉතාම බරපතළ වරදක්. තමුන්ට මෙච්චර අසාධාරණයට මේ අංජනා පළි නැහැ. තමුන්ගෙ බිරිය තමුන්ට පිටුපාපු නිසයි මෙහෙම වුණේ."
"ඔව් මහත්තයා මට දැන් වැටහෙනවා. මම මේ ශරීරයෙන් නික්මිලා අනුරාධපුරයට යනවා. හැබැයි මගේ පළියනම් මම ගන්නවා."


"කාගෙන්ද පළිගන්නේ? මොනවද කරන්නේ?"
"මම පළිගන්නේ රණතුංගගෙන්. මම කොහොම හරි මුගේ ඇස් දෙක පොට්ට කරලා හිඟමනට පත්කරනවා. මූ ආයෙත් වැරැදි වැඩක් කළොත් මරලම දානවා. මම අනුරාධපුරයට ගිහින් නිතර සෙවිල්ලෙන් ඉන්නේ. මේ නෝනා බෝධි පූජා විසි එක තියනකොට මමත් පන්සලට ගියා. මගෙත් ශක්තිය වර්ධනය වුණා. ළඟදීම මුගේ ඇස් දෙක අන්ධ කරලා මගේ වෛරය අතහරිනවා. එහෙනම් මහත්තයා මම අනුරාධපුරයට යන්න යනවා"යි භූතාත්මය නික්ම ගියේය.
රණතුංග තම දේපොළ දියණියට ලියා රට අතහැර පිටරට පදිංචියට ගිය බව පසුව ආරංචි විය.

 මතුගම - මහින්ද විජේතිලක


No comments:

Post a Comment