ප්රියයන්ගෙන් වෙන්වීම නිසා ඔබ සංසාරයක්
පුරාවටම හෙලූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩියි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා.
පොඩි පහේ ආදරයක්ද, අපි සංසාරයක් පුරාවට කර තිබෙන්නේ. ?
තමා තමාට ආදරය නොකරගත් නිසාම පින්වත් ඔබ අවශ්යමනම් ආදරයට ආදරය කරන්න. හැබැයි ආදරයත් විදර්ශනා නුවනින් දකින්න.
භික්ෂුව නැවත කවදාකවත් කාටවත්ම ආදරය කරන්නේ නැහැ. භික්ෂුව දන්නවා අලුතින් ආදරය කරන්න කෙනෙක්
මේ ලෝකයේ නැහැ කියලා. මොකද මේ ලෝකයේ ජීවත් වෙන සැම මනුෂයෙක්ම, සැම සත්වයෙක්ම මට සංසාරයේදී පෙම්වතෙක් පෙම්වතියක් වෙලා තියෙනවා.
ආදරයේ නාමයෙන් සකස්වෙන වංචාකාරී සිත විදර්ශනා නුවනින් විවෘතව බලන්න.
එවිට ආදරය යනු රාගයට ගොදුරු සොයා දෙන මාරුවැලක්ම බව ඔබට අවබෝධ වෙනු ඇත.
මේ ලෝකයේ දුක නමැති අර්ථය වැඩියෙන්ම සැඟවී ඇති වචනය ආදරයි.
ආදරය යනු මිරිඟුවකි.
ඔබ ඔබට ආදරය කරන තාක්කල් ආදරය
ඔබට හමු නොවනු ඇත.
වාසනාවකි මෙය සටහන් තබන භික්ෂුවට
ආදරය හමුවී ඇත. එහෙත් කිසි වෙකුට දීමට කිසිවක් එහි නොමැත."
අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
මොකද මනුෂ්යයාගේ පංචඋපාදානස්කන්ධය ගිනිගන්නා විට ගිනි රස්නය මත සිසිලස සෙවීම විහිළුවක් වෙනවා.
දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්ෘවන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත්
ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්මයි
සමහර ඉදල් තිබෙනවා ඒවායෙන් නිතර අතුගානකොට ඉදලේ මිටත් දහඩියත් මුසු වෙලා අතේ කරගැට එනවා. ඒ කරගැට බිඳී ගියහම හරිම වේදනාවයි.
අතේ කරගැට එනවා වගේම අධ්යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤාණයත් මුසු
වෙලා ඵස්සය, තෘෂ්ණාවේ දහදියෙන් තෙත් උනොත් සිතෙත් කරගැට එනවා.
සිතේ ඇතිවෙන කරගැට වලට ආශ්වාදයේ කරගැට කියලයි කියන්නේ. මේ ආශ්වාදයේ කරගැට බිදී ගියහමත් හරිම වේදනාවයි.
සිර ගෙවල් වල දඬුවම් ලබමින්,
රෝහල් වල අසනීප වලට දුක් විඳිමින්, ආයතන වල, ව්යාපාර වල,
වැඩබිම්වල සේවය කරමින් මනුෂ්යයින් ආශ්වාදයේ කරගැට බිඳීයාමේ වේදනාව ආදීනවය නිරතුරුවම අත් විඳිනවා.
පින්වත් ඔබ තෘෂ්ණාවේ දහදියෙන් මිදුනොත් නැවත අතේ කරගැට ආවත් නැවත
කවදාකවත් සිතේ නම් ආශ්වාදයේ කරගැට එන්නේ නැහැ.
ඔබ නැවතී සිට ගෙවීයන කාලයේ දෙස
විදර්ශනා නුවනින් බලන්න. එවිට ඔබ කාලයට, කාලසටහන් වලට බැඳී යන්නේ නැහැ.
ජීවිතය කොතැනකදීවත්, කාටවත්, කොතැනකටවත් බන්දන්න එපා.
ජීවිතය නිදහසේ තිබෙන්නට හරින්න.
භික්ෂුවගේ ගිහි ජීවිතයෙදී පාසල් සමයේ පටන්ම මේ අකුසල් සංස්කාර මට එලව එලවා පහර දුන්නා.
මම අකුසල් සංස්කාරයන්ගෙන් පහර කමින් වැටෙමින් නැගිටිමින් ගමන් කළා. මේ අකුසල්
සංස්කාරයන්ගේ බරපතල පහරදීම් නිසාම මම මගේ ජීවිතයේ තනිවම හඬපු අවස්ථා ගොඩාක් තිබුනා.
දුක කියන්න, දුක බෙදා ගන්න කෙනෙක් නැතුව ධර්මය නොදත් බව නිසාම
සංස්කාරයන් මාව පාලනය කරා. මාව
යටත් කොට ගත්තා.
යම් දවසක මේ උතුම් සද්ධර්මයේ රැකවරණය මම ලැබුවද මම මේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය මතු කොට ගත්තා, හෙළි කොට ගත්තා. අනිත්යය සංඥාවෙන් විදර්ශනා නුවනින් සංස්කාරයන්ට පෙරලා පහර දුන්නා, වැටෙන්නම පහර දුන්නා. නැවත නොනැගිටින්නට පහර දුන්නා.
තෘෂ්ණාව
'පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න
යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි.
ඔබේ සිතටසිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා.
එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන
පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට
ගලාගෙන යන විඤ්ඤානය තෙත් වේවි.
පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤ්ඤානය
යට පවතින්න හැකි යමක් සිතන්නේ. යම් සිතුවිල්ලක්
සිතේ පවතින්නේ නැතිනම් විඤ්ඤානයේ පැවතීමට
අරමුණක් නැතුව යනවා. පිහිටක් නැතුව යනවා. ඒ නිසා ඒ
මොහොතේ තන්හාව උපදින්නේ නැහැ.
විවේකීව බලා සිටියදී හිස් අවකාශයයි දර්ශනය වෙන්නේ. එහි කිසිම රූ
රටාවක් නැහැ. තෘෂ්ණාව කොයිතරම් නම් සංකීර්ණද.
නා නා හැඩයන්ගෙන් යුත් රූ රටාවන්ගෙන් හිස් ලෝකය පුරවනවා.
තණ්හාවේ මැහුම්කාරිය පස්සය ළඟදී හරිම වේගවත්. එයා හරියට
එම්බ්රොයිඩර් මැෂිමක් වගෙයි. ලෝකය තුල විචිත්රර රූ රටා මවනවා.







Im so into these books.I have all the 11 books .I want to invite ariyannana thero for abanna can u pls help me for this,to contact the හාමුදුරුවෝ .
ReplyDelete